ගුරුවරියගේ උපදෙස් මත තම මිතුරන්ගේ පහර කෑමට ලක්ව අවසානයේ ඇස් සැත්කමකට පවා භාජනය වීමට සිදුව ඇති දොළොස් හැවිරිදි පිරිමි දරුවෙකු ගැන චීනයෙන් වාර්තා වේ.
මෙම දරුවා ගෙදර වැඩ කරගෙන නොපැමිණීම නිසා ගුරුවරියගේ උදහසට ලක්ව ඇති බව සැළය.එයට දඩුවමක් ලෙස ඇය පන්තියේ සිටි අනෙක් ළමයින් කියා ඇත්තේ මේ දරුවාට කම්මුල් පහර බැගින් ගසන ලෙසයි.
ඒ මදිවාට හොඳින්ම ශබ්ද නැගෙන සේ කම්මුල් පහර එල්ල කරන්නාට ත්‍යාගයක් ලබා දෙන බවද ඇය පවසා ඇතැයි සදහන්ය.
පහරවල් 40 කට පමණ මුහුණ දුන්නායින් පසු මේ දරුවාගේ දකුණු ඇසේ පෙනීම අවම වී ගොස් තිබේ.දැන් ඔහු සිටින්නේ රෝහල් ගතවය.
ඔහුගේ මව පවසන ආකාරයට වෛද්‍යවරුන්ටත් ඇසේ පෙනීම නැවත යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇතැයි විශ්වාසයක් නොමැත.
යුවාන් 30000 ක (රුපියල් 642155) පරිත්‍යාගයක් පාසල තමන්ට ලබා දුන් බවත් ඒ මුදල් සියල්ල මේ වන විට තම දරුවාගේ සැත්කම වෙනුවෙන් වියදම් කර අවසාන බවත් ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ එහෙම උනත් චීනේ නම් එහෙම වෙන්නෙ නැ. එතකොට ලංකාවේ කොහොමද(දිල්)
අනේ වාසනාවන් (දී)
මේවා මහපොළොව නුහුලන සහගහන අපරාධ. පව් පුංචි දරුවා සුවපත්වේවා(දී)
ලෝකේ වැඩි හරියක් ඉන්නේ මන්ද මානසික ගුරුවරු වගේ. මේ ගුරුතුමී තාමත් උගන්නනවද දන්නේ නැහැ.(නදී)
ලංකාවේ නම් ළමයාගේ පියා ඇවිත් ගුරුවරියව දණගස්සනවා.(දිල්)
ගුරු යන පදයේ අර්ථය ආයෙමත් ගුරු සංහතියටම උගන් වන්න වෙලා තියෙනවා. මේක චීනෙට නෙවේ අපිටත් පොදුයි.(නදී)
නිමානී ඔයා වාසනාවන් කීවේ මොකටද ? (දිල්)
මෙවෙනි අයට කස පහර 40 බැගින් නියම කල යුතුය (දී)