ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේ කාම අපචාර සඳහා දෙන දඩුවම ප්‍රසිද්ධියේ කස පහර දීමයි. මෙය වරද කරුවන් වන පිරිමි මෙන්ම ගැහැණුන්ටද එකසේ ලබාදෙයි.
මෙම දඬුවම ලබාදෙන්නේ ඉස්ලාම් ෂරියා නීතියට අනුකුලවය. ලෝකයේ වැඩිම ඉස්ලාම් භක්තිකයින් ජිවත්වන රටක් වන ඉන්දුනීසියාවේ ෂරියා නිතිය ක්‍රියාත්මක කෙරෙන්නේ අචේ ප්‍රාන්තයේ පමණි.
අචේ ප්‍රාන්තයේ අගනුවර වන බන්ඩා අචේ නගරයේ ප්‍රසිද්ධියේ කෝටුමස් කිරීමේ නීතිය දැඩිලෙස ක්‍රියාත්මක කෙරෙයි. පසුගියදා වැරදි කාම සේවනයෙහි යෙදුනු බවට වැරදිකරුවන්වූ ගැහැනුන් සහ පිරිමින් 17 දෙනෙකුට බඩා අචේ නුවර ප්‍රධාන පල්ලිය අභියසදී දඬුවම්ලබාදුන් ආකාරය විදහා දැක්වූ ඡායාරූප විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්කර තිබුණි.
ඒ අතර ප්‍රසිද්ධියේ "අනිසි අයුරින් එක්තැන්ව සිටියායැයි" වැරදිකරුවන්වූ අවුරුදු 18 සිට 24 දක්වා වයසේ වූ විශ්ව විද්‍යාල තරුණ තරුණියන් හතරදෙනකුද වූ බව වාර්තාවිය. කසපහර කෑ 40 හැවිරිදි කාන්තාවක් සිහිසුන්ව අදවටුන බවත් ඇය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමට සිදුවුබවත් එම වාර්තාවල දැක්විණි.
කෝටුමස් කිරීමේදී වරදට අනුකුලව පහරවල් ගණන නියමකෙරේ. වධකයා පිරිමියෙකි. ඔහු විසින් පහරදීම සඳහා කෙතරම් දුරක් අත ගෙනගිය යුතුද යන්නත් කෙතරම් වේගයකින් වේවැල් පහර ලබාදිය යුතුද යන්නත් නඩුතින්දුවේ දී තීරණය කෙරේ. පහරදීමට යොදාගන්නේ විවිධ ප්‍රමාණයේ ශක්තිමත් පදම්කල වේවැල්ය.
කාම අපරාධ වලට අමතරව මත්පැන් පානය සහ දූකෙළියද ප්‍රසිද්ධියේ කසපහර ලබාදීමට හැකිවන අපරාධ වෙයි.
ඉන්දුනීසියාවේ රජය අචේ ප්‍රාන්තයට 2001 දී ස්වයං පාලනයක් ලබාදෙනු ලැබුවේ එම පළාතේ දීර්ඝ කාලයක් පැවති බෙදුම්වාදී අරගලය මැඩපැවැත්වී මේ බලාපොරොත්තුවෙනි. අචේ ප්‍රාන්තයේ 1976 සිට 2005 දක්වා වෙනම රාජ්‍යයක් ඉල්ලා දරුණු කැරැල්ලක් ක්‍රියාත්මක විය.
ස්වයං පාලනය ලබාගත් පසු එම බලධාරීන් විසින් ෂරියා නිතිය හඳුවන්වා දෙනු ලැබිය.
කාම අපචාර, සමලිංගික ඇසුර, කාමයෙහි වරදවා හැසිරීම, ජෝඩු ලෙස එළිමහනේ හැසිරීම, සවස් වුවාට පසු පිරිමි ඥාතියෙකු නොමැතිව කාන්තාවන් මහමඟ ගමන්කිරීම මෙන්ම අවිවාහක ගැහැණු හෝ පිරිමි දෙදෙනෙකු එකවර බයිසිකලයක නැඟයාම වැනිදේ කෝටුමස් කිරීමේ දඬුවම ලබාදිය හැකි වරදවල් වෙයි.
ඉන්දුනීසියාවේ ජනගහනයෙන් සියයට 90 පමණ ඉස්ලාම් භක්තිකයෝ වෙති. මේ සියල්ලක්ම වාගේ ආගම ධර්මයට ඉමහත් ගෞරවයක් දක්වන මධ්‍යස්ත මත දරන්නෝය. මේ බොහෝදෙනා මෙවන් දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීම හෙලා දකින අතර මෙවන් දරුණු නීති ක්‍රියාත්මක කිරීම නිසා අපචාර අඩුවන බවට පැහැදිලි සාක්කි ලැබී නැති බවද පෙන්වා දෙති.
ස්වයං පාලනයක් ලබාගත් අචේ ප්‍රාන්තයේ මෙවැනි නීතියක් ක්‍රියාත්මක වුවද ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්‍රාන්තය වැනි වෙනත් බොහෝ ප්‍රදේශවල මේ අන්දමේ තදබල නීති කිසිවක් ක්‍රියාත්මක නොවන බවද සඳහන්විය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනේෂ් ගේ අදහස අනුමත කරනවා .. මෛත්‍රී ජනාධිපති තුමා දඬුවම් දීමට කැමති වීම ලොකු දෙයක් .. එ්ත් සමහරු නොයෙක් මත ගෙනල්ල ඒක වලක්වන්න හදනවා .. ඒ අය කියන්නේ දඬුවම් දීමෙන් අපරාධ වලක්වන්න බැහැ කියන තර්කය . 1. එහෙම බැරි නම් මොකටද වැරදී වලට නීති රීති ? 2. වෙන රටවල මරණ දඬුවම තිබුන කියල අපරාධ අඩු වෙලා නැහැ කියන තර්කය ට මම කියන්නේ ඊ රටවල තහනම නැති කරලා අවුරුදු දෙකක් හිටියොත් බල ගන්න පුළුවන් වෙය් ප්‍රතිපල 3. ක්ෂණික කෝපය වගේ දේවල් වලට දඬුවම් අඩු කරත් ස්ත්‍රී දූෂණ , දරුවන් දූෂණය කිරීම , සංවිධානාත්මක අපරාධ , මත්ද්‍රව්‍ය වෙළඳාම් , (මිනි මරල ඇප පිට එලියට ගිහින් සාක්කි කාරයන් 20 මරල තවම හිරේ ඉන්න අය ඉන්නවා ) (බ)
සිල්වා බර්ලින්.තමාගේ කෙනෙක් ගොදුරු වුණොත් සහෝදරයා ඔබ කියාවි ෂරිය නීතිය නොව ඊටත් එහා නීතියක් ගෙන්න කියා කුහකකම .ඉරිසියාව පසෙකලා යහපත් රටක් ගොඩනැගීම පිණිසයි මේ සියලු නීති සංශෝදනය කිරීම සියලු ශ්‍රී ලාකිකයන්ගේ යුතුකමක් හෝ වගකීම වන්නේය නැතුව මේ අපරාධ රැල්ල මැඩීමට ඉතා දුෂ්කරය. (අ)
සංවිධානාත්මක අපරාධ, ස්ත්‍රී දුෂණ ළමා අපරාධ වලට එල්ලා මැරීම අනුමත කළ යුතුයි. ලංකාවේ නීතියේ තිබෙන අවසාන දඩුවම තමයි එල්ලා මැරීම. ඉතින් මෙම දඩුවම ක්‍රියාත්මක කළා කියල අපරාධ නවතින්නේ නැහැ. නමුත් එය පාලනය කරන්න පුලුවන්. ආගම දහම අසා ජීවත් වන කොටසක් ඉන්නවා. නීතියට හිස නමා ජීවත් වන කොටසක් ඉන්නවා. නමුත් මේ කිසිවක් ගැන නොහිත නීතියෙන් රිංගන කොටසකුත් ඉන්නවා. අන්න ඒ අයට තමයි දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනේ. (බ)
ඔය අශිෂ්ට නොදියුණු ෂරියා තිතිය අපිට එපා (ම)
මේක ලංකාව. අපි බුද්ධාහමට අනූව මෛත්‍රී කරමු. අංගුලිමාලත් මිනීමරලත් යහමඟට ආවේ. අපි වැරදි කරන අයට අවවාද කරලා හදාගන්න ඕනෑ. දඬුවම් කරලා වැඩක් නැහැ. (නි)
සිල්වා,අපේ නීතිය ඔබ කියන තරම් හොඳ නිසාද මිනිසුන් කිසිම බයක් සැකක් නැතුව එළිපිටම තිරිසන් අපරාද කරන්නේ...?දැන ගන්න අපේ රටේ නීතිය දැන් වල් වැදිලා ඉවර බව.(හේ)
හකීම් ඔබට ශරියා නීතිය අවශ්‍ය නම් සෞදි යන්න අපේ නීතියේ අඩු පාඩු තිබුණත් අපේ නීතිය ශරියා නීිතියට වඩා හොඳයි (බ)
මරණ දඬුවම් නැති බොහෝ රටවල මරණ දඬුවම් තිබෙන රටවලට වඩා අපරාධ අඩු බව සමහර දෙනෙක් දන්නේ නැති පාටයි. (ම)
මේ වගේ දඬුවම් දෙන්නේ නැති හින්දයි අපේ ලංකාව මෙම පිරිහිලා තියෙන්නේ (නි)
ඔය අරාබි නිතිය හරියට අධ්‍යයනය කරන්න ඕන එක කොච්චර හොදයි ද කියල දැනගන්න. වැරදි කාරයෝ එකට ගොඩක් බයයි. (බ)
දනුෂ්ක,අපි ඔය කියන හැමදේටම සරිලන ශක්තිමත් නීති පනවන්න ඕනේ නමුත් අරාබි කරයේ එන බෙලි කපන නීති නැතුව.(අ)
සංජය කියන කතාවේ කිසියම් සත්‍යයක් තියෙනවා. එසේවුවත් මරණ දඬුවම දීමෙන් මිනීමැරීම් අඩුවෙන බව හිතන්න අමාරුයි. එමඟින් සිතා මතා සැලසුම්කර සිදුකරන මිනීමැරීම් අඩුවන්නට ඉඩ තියෙනවා. නමුත් ක්ෂණික කෝපය, අඬ දබර, බිමත් කම, දරිද්‍රතාවය, අනිසි කාමසේවනය, මානසික ප්‍රශ්න වැනි දෙනිසා බොහෝවිට මිනීමැරීම් සිදුවනවා. මේවාට දඬුවම් දීමේදී වෙනත් නීතිමය පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සිදුවේවි. අහිංසක ලමයින් ධුෂණය කර ඝාතනය කිරීම තරම් සමාවක් දිය නොහැකි අපරාධයක් නැතිවුවත් එහිදීත් කටයුතු කරන්නට වෙන්නේ සිත් තුල ඇතිවන උද්වේගය අනුව නොව රටේ පවතින නීතියට අනුකුලවයි. සිද්ධිය ඇසින් නුදුටු අපරාධයට ලක්වූවන්ට සම්බන්ධ කමක් නැති විනිශ්චය කරුවන් දෙන තීරණ අසාධාරනබවට සමහර අවස්තාවලදී හැඟී යන්නේ මෙනිසයි. ඕනෑම අපරාධයකට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කිරීමේදී පහත තැන්වලින් ජලය ගලායන තත්වයක් දකින්නට ඇත්තේ අධිකරණයේ වැරදි නිසයි. (බ)
ඔය විදියේ දඬුවම් සිංහල රජ කාලෙත් තිබුණා. මීටත් වඩා බොහෝ අතිශය දරුණු දඬුවම් ක්‍රමත් තිබුණා. (නි)
හොද වැඩකුත් තියෙනවා.(හේ)
මගේ අදහසනම් ළමා සහ කාන්තා අපරාද වලට මසක් තුල නීති කටයුතු අවසන් කර වැරදී කරුවන් එල්ලා මැරීම කළ යුතුය. (බ)
ලංකාවට මේ දඬුවම් ලපටි වැඩියි (බ)
මෙවැනි දේවල්වලට දඩුවම් දුන්නොත් ලංකාවේ පාර්ලිමේන්තුවේ භාගයකට වඩා කසපහර කෑමට සිදුවෙයි (ම)
වැරදි කාම සේවනයේ යෙදෙන අයට දඩුවම් දීම නම් ඉතාමත් හොද දෙයක්. (ම)
ලංකාවටත් අවශ්‍ය මේ වාගේ නීති , ඒවා ක්‍රියාත්මක කළොත් ළමා අපචාර ලිංගික අපරාද , මත කුඩු ජාවාරම අඩු කල හැක (ම)
සිංහල රජ කාලේ දඬුවම් දුන්නේ මේ වගේ වැරදි වලට නෙමෙයි (ම)
මේ විදියට දඬුවම් දෙනවා නම් ලංකාවේ ජනගහණයෙන් වැඩි කොටසකට දඬුවම් දෙන්න වෙනවා. ලොකු වැරදි වලට නම් කමක් නැහැ (නි)
මේ ක්‍රමය හොඳයි අපේ ලංකාවටත් (නි)
අපචාරකයෝ බය වෙලා (ම)
නුතන යුගයේ වානරයෝ... එකට හිටිය බයිසිකලේ ගිය කියා කියා කස පාර දෙන්ට මුන්ට වැඩ නැතුව ඇති. (ම)