ඉන්දියාව පුරා පැතිර යන අධික උණුසුමෙන් මියගිය ගණන මේ වනවිට 400 තෙක් ඉහළ ගොස් ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
මරණ වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තෙලන්ගානා හා ආන්ද්‍රා ප්‍රාන්තවලිනි. එම ප්‍රාන්ත දෙකේම මියගිය ගණන 368ක් යැයි වාර්තා වේ.
දිල්ලියේ වාර්තාගත ලෙස උෂ්ණත්වය සෙල්සියස් අංශක 44.5ක් ලෙස වාර්තා වූ අතර මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ද පවතිනු ඇතැයි ඉන්දියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
(නවදිල්ලියේදීය (එන්.ඩීටීවී))

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
සෞදි අරාබියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 55 දක්වා ඉහල යනවා. අපේ මිනිස්සු ඒවත් ඉවසගෙන තමා රට ඇවිල්ල කීයක් හරි හොයාගන්නේ. රට ඇවිල්ලම තමා බලන්න ඕන සල්ලි හොයන්න අපේ මිනිස්සු විදින දුක. (නදී)
ඩුබායි රටෙත් 45-48 දක්වා ඉහළයනවා.නමුත් පොඩි සේවකයාට පවා නැවතුම්පළේ වායුසමීකරණ තියනවා.ගොඩක් බස් නැවතුම් පළවල් වලත් වායුසමීකරණ තියනවා.හැම බස් එකේම,කෝච්චියේත් තියනවා.ඒ කාලෙට එළියේ වැඩකරන අයට දවල් 12 ඉඳලා සවස 3 වෙනතුරු වැඩ නැහැ. (නි)
ඒ මිනිස්සු මොනතරම් නම් දුකක් විඳිනවා ඇද්ද? (නි)
ඒ අතින් බලනකොට ලංකාව මොනතරම් වාසනාවන්ත රටක්ද? (නි)