ලොව ‘‘සැරම‘‘ ව්‍යංජනය ලබා ගැනීමට හැකි බව පැවසෙන ඉන්දීය අවන්හලක් ගැන ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙන් වාර්තා වේ.
‘‘පාල්‘‘ ලෙස හැදින්වෙන මේ ව්‍යංජනය සෑදීමට ලොව සැර අධිකම මිරිස් වර්ග 8 ක් භාවිතා කරන බව සදහන්ය.ඒවායින් එක් වර්ගයක් වන ‘‘බූට් නාගා ජොලොකියා‘‘ නම් මිරිස් වර්ගය ඉන්දීය හමුදාවන් විසින් කදුළු ගෑස් නිපදවීමට පවා භාවිතා කරන බව පැවැසේ.
ව්‍යංජනය පිළියෙල කිරීමේදී කෝකියන්ට මුහුණු ආවරණ පවා පැළැදීමට සිදුවේ.ඒ ව්‍යංජනය එතරම්ම සැර වන බැවිනි.
මේ ව්‍යංජනය මස්,එළවළු වැනි තවත් ආහාරයක් සමග පිළිගන්වනු ලබයි.මිල සදහන් වන්නේ ඩොලර් 21(රුපියල් ) ලෙසය.
ව්‍යංජනය යොදාගෙන ආහාර අනුභව කළ පාරිභෝගිකයන් කිහිපදෙනෙකුම රෝහල් ගත කිරීමට පවා සිදුවූ බව අවන්හලේ කළමණාකරු ඩිරාජ් ටිවාරි පවසයි.ඇතැමුන් අඩමින් කෑම ගන්නා බවත් තවත් සමහරු කෑම ගන්නා අතරතුර ක්ලාන්තය දමා වැටෙන බවත් ඔහු කියයි.පෞද්ගලිකව තමාටත් මේ ව්‍යංජනයට අතවත් තැබිය නොහැකි යැයි ඩිරාජ් පවසන්නේ සිනාමුසුවය.
සාර්ථකව ව්‍යංජනය සමග ඔට්ටු වන පාරිභෝගියන්ට නොමිලයේ බීර වීදුරුවක් හා සහතික පත්‍රයක් ලබාදෙන බව ඩිරාජ් කියයි.නමුත් මේ දක්වා අභියෝගය ජයගත් කිසිවෙකුත් ගැන වාර්තාවක් නම් නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෑම සැර උනත් . පොදුවේ ඉන්දියානු කෑම ලංකාවේ කෑම වගේම ගොඩක් රසයි.(නදී)
ඔය කියන අවන්හලෙන් උපාධි සහතික එහෙමත් දෙනවද? (ස)
මේවා චීන්නුන්ට දුන්නොත් නම් මොනවා වෙයිද දන්නේ නැ! (ස)
මෝඩ ඉන්දියන් වැඩ ඕවා තමයි. ඉන්දියන් අය ඉන්න තැන ඉවරයි. සමහර රටවල් වලට ගියාම ලංකාවේ අයවත් ගණන් ගන්නේ නැහැ, ඉන්දියන් කියලා හිතාගෙන. (නි)
ලංකාවේ සහ ඉන්දියාවේ ගොඩක් අය කන්නේ අඬ අඩා. කඳුළු හොටු හලාගෙන. මොකද ඇඟට අවශ්‍ය පමණට වඩා හදන කෑම. තව අය සිටිනවා කම්මැලිකම නිසා අඬ අඬ සිනමා බලන. නැගිටලා ආපහු වාඩි වෙනවා කම්මැලිකමට (නි)
අපි නම් මොකක් කෑවත් ලයිට් එකක් දැම්මත් අඬ අඬා තමයි. (නි)
මේක ඉන්දියාවේ අයට නම් කන්න බෑ. මට දුන්නනම් කාල පෙන්නනවා.(ස)
ආසියාවේ රටවල් වල මිනිස්සුන්ගේ කෑමවල සැර එක තමා ....කොහොමද සුද්දෙක් කාලා පෙන්නුවොත් අම්මපා කෝටියක් දෙනවා.(ස)
දිනේෂ්, හරියටම හරි. පරිස්සමින් වැඩ කරන්න (නි)
පින්තුර දැක්කමත් කට දැවිල්ලයි වගේ.(නදී)
ලෝකේ වැඩියෙන්ම මිරිස් කන්නේ ශ්‍රී ලංකික සිංහලයන් මම හිතන්නේ ලාංකිකයක්ට පුළුවන් ඕක කන්න.(ස)
ඉන්දියාවට ඕක මහා දෙයක් වුණාට ලංකාවේ අපිට නම් ලොකු දෙයක් නෙමෙයි. අපි හදන්නම් කෑ ගගහා අඩන්නම (නි)
ගුණපාල තමා නියම කතාව කියලා තියෙන්නේ (නි)
මිරිස් කුඩු කිලෝ 1ක් විතර දැම්මොත් ඇත්තටම ඔය වගේ විකාරයක් කර ගන්න බැරි වෙයිද? මම මේ නිකන් කියන්නේ...ඕකට ඉම්පෝර්ට් කරන්නම ඕනෑද? (නි)
ලෝකේ සැරම මිරිස් තියෙන්නේ ඉන්දයාවේ. නාග මිරිස්.(නදී)
මේවා කන්න පුළුවන්. එහෙත් පසුවදාට අධෝ මාර්ගයට තමා අමාරුව. දෙවියන්ට අම්මට බැන බැන වැසිකිලි යන්නේ.(නදී)
ඕක මොකද්ද තායිලන්ත මිනිස්සු කන මිරිස් ගුලිවල හැටියට? හැබැයි මටත් නම් බත්කනකොට සැර මිරිස් බැදලා කන්න ඕනෑ. (නි)
ඉන්දියන් සරණ හොයන අයට නම් මේවා මසුරන්. (නි)
මම හෝටල් සේවකයෙක්. එක දවසක් ලංකාවේ බත් මාළු අතින් කන්න කියලා මම සුද්දේකට කිවුවා.එයා කෑවා.අන්තිමට කට පමණක් නෙවේ ඇගිලි තුඩුත් දැවිල්ලයි කියලා වතුරේ අත ඔබාන හිටියා.මට කිවුවා එයාලා කටට රසට මිසක් කටට සැරට කන්න යුරෝපේ අය කැමති නැහැ කියා. (නි)
ඉන්දියන්කාරයා මෝඩයා, ඒ වගේම පණ්ඩිතයා. ඒක නිසා එයාලටම තමයි හරියන්නේ. මොකද දැන් මම ඉන්නේ ඒ අයත් එක්ක. (නි)
ඉන්දියාවේ ඉන්න මෝඩොයෝන්ටම හොදයි මේවා..(ස)
බීර වීදුරුවක් නොවෙයි ඇසිඩ් වීදුරුවක් තමයි ගැලපෙන්නේ. සහතිකයත් මරණ සහතිකය වුනා නම් හරි. (ත)
කේලම් කියලා බැනුම් අහන වැඩක්, කවුද හදන්න කිවේ,කවුද කන්න කිවේ, වහ බීලා මැරෙන්න ,කාලේ නාස්ති නොකර. (දී)
චාල්ස් මහත්තයෝ, ඔබ හරියටම හරි. ජීවත් වෙන්න කන්න මෙච්චර දුකක් මොටද?(නදී)
ඒ රටේ මිනිස්සු...තනිකර නටන්නේ පිස්සු..// (නි)
ඔය " පාල් " ඔට්ටපාල් තමා .. අපේ රටේ නයි මිරිස් ,කොච්චි ව්‍යංජනයක් කෑවා නම් දුම් පිටවෙලා , හොම්බෙන් තමයි යන්න වෙන්නේ !! (නි)
ජීවිතේ ඇත්තටම කෙටි කර ගන්නවා කියන්නේ මෙන්න මේකට තමයි. (නි)
ඉන්දියාවේ කොහොමත් ඉන්නේ මේ වගේ අය තමා! (නි)
අඩ අඩ හරි හරි කන්න පුළුවන් එත් පහුවෙනිදා උදේට තමයි කට්ටියට විදවන්න වෙන්න රැ අඩ අඩ කාපුවගේ රගේ... (ස)
අපේ නයි මිරිස් වලිනුත් හදන්න පුළුවන් (නි)
සුද්දෝ මිරිස් කන්නේ නැහැනේ. හීනී අමු මිරිස් කෑල්ලක් කැවුනත් ඒ ඇත්තොන්ට දාඩිය දානවා. අපිට ගෙනත් දුන්නනම් මඤ්ඤොක්කත් එක්ක ඔය පොල් පොල්කට්ටකින් එකක්ම කාලා පෙන්නන්නම් (නි)
ඕක මහා ලොකු මිරිසක් නොවේ.ඉස්සර මට මතකයි සීතල කාලයට මාතලේ පැත්තේ අය,සැර අමු මිරිස් කිලෝ එකක් විතර ගෙනත් දිග අතට යටින් පලනවා.ඉන්පසු ලූනු, සුදුලූනු, කරපිංචා,උම්බලකඩ,ගොරක කැබැල්ලක්,උළුහාල්,කහ, තුනපද ටිකක් දාල වතුර ටිකක් දාලා ලිප තබනවා.මේවා ටිකක් තැම්බෙනකොට පොල් ටිකක් අඹරලා දාලා යන්තමට ඉස්ම ටිකක් තියලා උයනවා.හරිම රසයි.කන ඇතුලෙන් සැර පිටවෙනවා.සීතල කොහේ ගියාද නැතිව යනවා.බොරුනම් හදලා කාලා බලන්න.මතක් වෙනකොටත් කටට කෙල උනනවා. (නි)
ලංකාවේ තරම් ඉන්දියාවේ මිරිස් කන්නේ නැහැ. අපිට ගියානම් ඔය සහතිකේ ගන්න පුළුවන්. (ස)
දිනේෂ් ,ඔයා හරියටම හරි. (ස)
මටනම් වැඩිය සැර කන්න බැහැ.ඒත් ලංකාවේ කොල්ලෙක් ඕක කන බව නම් මට විස්වාසයි. (ස)
මේක අපේ ලුණු මිරිස් කාලා නැති ඉන්දියන් මෝඩ රැලට තමයි හරියන්නේ. (ස)
ඉන්දියාවේ මිනිස්සුද? මොනවා හරි මෝඩ වැඩක් කරලා රටේ නම්බුව කනවා.(ස)