අඟහරු වෙත යාමේ අභ්‍යාවකාශ ගමන සඳහා අජඨාකාශගාමීන් බඳවා ගැනීමට ඇමරිකානු අභ්‍යාවකාශ ඒජන්සිය (නාසා) තීරණය කර ඇතැයි බීබීසි පුවත් සේවය වාර්තා කරයි.
නාසා හි පරිපාලක චාර්ල්ස් බෝල්ඩන් පවසන්නේ අඟහරු මතට ළඟාවීමේ නව පිම්මක් වෙනුවෙන් පෙළඹවීම කරණ බවයි. අඟහරුමත පා සටහන තැබීමේ ඇමරිකානු ඉලක්කය සපුරා ගැනීමටද මෙම පිරිස සහාය කර ගැනීමට බලාපොරොත්තු වන බව බෝල්ඩන් පවසයි.
මේ අවස්ථාව සදහා ඉල්ලුම් කිරීමට ඇමරිකානු පුරවැසියෙක් වීම අත්‍යාවශ්‍ය වේ. එමෙන්ම ඉල්ලුම්කරු පෙනුමෙන් දැකුම්කළු, ක්‍රියාශීලි සහ හසළ දැනුමෙන් යුත් අයෙක් විය යුතුය. නාසා ආයතනය මේ සඳහා ගුවන් නියමුවන්ගෙන්, ඉංජිනේරුවන්ගෙන්, විද්‍යාඥයින්ගෙන් සහ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලුම් පත් අපේක්ෂා කෙරේ.
ඉහත කරුණු වලින් පරිපූර්ණ වුවහොත් නාසා ආයතනය මගින් පවත්වනු ලබන දීර්ඝකාලීන අභ්‍යාවකාශ යානා පිලිබඳ භෞතික පරික්ෂණයෙන් එම තැනැත්තා සමත් විය යුතුය.
මෙම සියලු කරුණු වලින් සමන්විත අයදුම් කරුවන් සුළු පිරිස පසුව ෆ්ලොරිඩා හි ඇති රොකට් හෝ අභ්‍යාවකාශ යානාවන් ඉහළට යවනු ලබන ස්ථානයට ගොස් ගැඹුරු අභ්‍යාවකාශ ගවේෂණ දුත මෙහෙවරට පුහුණුව ලැබිය යුතුය.
නාසා හි හූස්ටන් හි පිහිටි ජොන්සන් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ බ්‍රියන් කෙලී පවසන්නේ මෙය ඇමරිකාවේ මානව අභ්‍යාවකාශ යානා වැඩසටහනේ උද්දීපනය දනවන අවස්ථාවක් බවයි.
නාසා ඉතිහාසය තුල මෙතෙක් තම අභ්‍යාවකාශ ගමන් මෙහෙවර සඳහා අභ්‍යාවකාශ ගාමින් 300 ක් පමණක් තෝරාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් යනවා... (නි)
අපේ අර රොකට් සම්බන්ධ කෙනාට ඇමරිකන් පාස්පෝර්ට් එකක් හදලා යවමුද? (නි)
නාලක ඇමරිකන් පාස්පෝර්ට් එකක් හදල දුන්න ගමන් ඇමරිකානු පුරවැසියෙක් වෙනවද ? මන් මේ දන්නේ නැති කමටයි අහන්නේ ? මඩ ගහනකොට ටිකක් පරිස්සමෙන් ගහන්න ඕන හත්පොලේ ගාගන්නේ නැතිව. (බ)
අනේ කොඩිකාර, නාලක නොදන්නාකමටනේ එහෙම කියලා තියෙන්නේ. ඕකට ඔයතරම් උඩපනින්න ඕනෑද? (නි)
අපේ රොකට් එකත් බලන්න දැන් කොහෙද තියෙන්නේ කියලා. (නි)
කාට හෝ ලොකුම රැවටිල්ලක් කළ කපටියොත් මේ අවස්ථාව ඉල්ලන්න එන්න පුළුවන්. (නි)
දැන් මාතෘකාව පැත්තකින් තියලා නාලකයි කොඩිකාරයි එක්ක පැටළෙන්න හදනවද කට්ටිය? (නි)
පුලුවන්නම් අපේ මහින්ද මහතාව යවන්නකෝ අගහරු ලෝකටවත් ගිහිල්ලා නිදහසේ ඉන්න පුළුවන් ඒ මනුස්සයට ලංකාවේ ඉන්න දෙන්නේ නෑනේ (ම)
මමත් කැමතියි යන්න නම්. මාව ගනීද.? (ර)
නාසා අයතනය අපේ රටේ එකක් වුනා නම් යවන්නේ රටේ ලොක්කගේ පුතණ්ඩිය ... ඔන්න ගෝත්‍රික සහ දියුණු රටවල වෙනස (අ)
කවුද බලමු වාසනාවන්තයා (නි)
අපේ ලංකාවෙත් මේකට දක්ෂ කෙනෙක් ඉන්නවා නේද ? රොකට් ගැන කියන , එයාවත් අරිමු අඟහරු ලෝකෙට , එතකොට අපේ රටේ අඟහරු අපල දුරුවෙන්න පුළුවන් (අ)
හැබැයි පුතෝ යන වාසනාවන්තයාට ආයෙත් පොළොවට පය ගහන්න නම් පුළුවන් වෙයිද දන්නෙ නැහැ. (නි)
මම නම් කොහෙත්ම කැමති නැහැ මෙහෙම යන්න (නි)
කොඩිකාර, ඇමරිකන් පාස්පෝට් තිබෙනවා නම් එයා ඇමෙරිකානු පුරවැසියෙක් තමයි (නි)