IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


72 වැනි කලාපීය කමිටු සැසිය ඉන්දියාවේදී

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු කලාපය සඳහා වන 72 වැනි කලාපීය කමිටු සැසිය ඉන්දියාවේ දී පැවැත්විණි.

එහිදි ඒකදේශික රෝග තුරන් කිරීම, හදිසි තත්ත්වවලට සූදානම් වීම සහ පසුම්බියෙන් වැය වන මුදල් අඩු කිරීම සඳහා විශ්වීය සුව සේවා ඉලක්ක සහ අරමුණු සපුරාගැනීම කෙරෙහි මෙවර සැසියේදී අවධානය යොමු කෙරුණි.

මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කරන ලද සේවාව වෙනුවෙන් රටවල් හයක සෞඛ්‍ය අමාත්‍යවරුන් කලාපීය කමිටුවේ ඇගයීමට ලක්විය. දකුණු හා නැගෙනහිර සහ අග්නිදග ආසියානු රටවල් ලෝක ජනගහනයෙන් හතරෙන් එකකට නිවහන වේ.

මෙම සැසියේදී ශ්‍රී ලංකාව සරම්ප තුරන් කළ රටක් ලෙස හඳුනාගත් අතර, බංග්ලාදේශය, භූතානය, නේපාලය සහ තායිලන්තය හෙපටයිටිස් බී පාලනය කිරීමට සමත්වූ කලාපයේ පළමු රටවල් ලෙස හඳුනා ගැනිණි. එමෙන්ම මවගෙන දරුවට එච්.අයි.වී සහ සිෆිලිස් (උපදංශය) රෝගය තුරන් කළ පළමු රට ලෙස හඳුනාගැනිණි.

“රෝග තුරන් කිරීම අපේ න්‍යායපත්‍රවල ඉහළින්ම තිබුණා. අපි හැම තිස්සෙම තිරසර බව ගැන කතා කරනවා. ඒ වගේම කඩිනම් පියවර ගැනීම නවෝත්පාදනය ගැනත් කතා කරනවා. අපි කඩිනම ගැන කතා කරන්නේ රෝග තුරන් කිරීම ගැනයි. අපි හැමතිස්සෙම රෝග තුරන් කිරීම විශේෂයෙන්ම නිවර්තන කලාපයේ රෝග තුරන් කිරීමට පියවර ගන්නවා. ඒවා ඉක්මන් කරනවා” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය පූනම් කෙත්‍රපාල් සිංග් සඳහන් කළාය.

හදවත් රෝග, දියවැඩියාව සහ පිළිකා ආදී බෝ නොවන රෝගවලට එරෙහිව සටන් කිරීම ප්‍රතිශක්තීකරණ වැඩසටහන් වේගවත් කිරීම, දේශගුණික විපර්යාසවලින් සිදුවන සෞඛ්‍ය බලපෑම්, සරම්ප සහ ක්ෂය යනාදී බෝවන රෝග තුරන් කිරීම කෙරෙහිද මෙවර සැසිවාරයේදී අවධානය යොමු කෙරුණි.  
කලාපයේ රටවල් ගන්නා ලද ක්‍රියාමාර්ග හේතුවෙන් 2014 වසරේදී මෙම කලාපය පෝලියෝ රෝගයෙන් නිදහස් කලාපයක් බවට පත්විය. එමෙන්ම ශක්තිමත් ක්‍රියාමාර්ග හේතුවෙන් කලාපය 2016 වසරේදී මාතෘක (මවු) සහ උපතේදී ඇතිවන පිටගැස්ම රෝගවලින් නිදහස් කලාපයක් බවට පත්විය.

“සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් සවිබල ගැන්වීම සඳහා නන්‍ය ප්‍රතිපත්ති, පසුම්බියෙන් වැයවන මුදල් අඩු කිරීම, වෛද්‍ය නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මකභාවය ශක්තිමත් කිරීම සහ ඕනෑම ප්‍රදේශයක සිටින ඕනෑම පුද්ගලයකුට සෞඛ්‍ය සේවා ලබාගැනීමට ඇති හැකියාව වැඩි කිරීම යනාදියෙන් ප්‍රගතිය තිරසරව පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම කලාපයේ මහජන සෞඛ්‍ය ඉලක්ක සහ අරමුණුවලට ළඟාවීම වේගවත් කරන්න පුළුවන්” යැයි ආචාර්ය පූනම් කෙත්‍රපාල් සිංග් කීවාය.

ආචාර්ය පූනම් කෙත්‍රපාල් සිංග් කලාපීය අධ්‍යක්ෂ ධුරයට දෙවැනි වරටත් ඒකමතිකව තේරී පත්විය. දෙවැනි ධුර කාලය ලබන වසරේ පෙබරවාරි 1 වැනිදා ආරම්භ වීමට නියමිතය.

“අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ ඉන්දියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විප්ලවයක් සිදුවෙනවා. ඉලක්ක තබා තිබෙනවා. එම ඉලක්ක සහ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කඩිනම් සහ නව්‍ය ප්‍රතිපත්ති තීරණ ගෙන තිබෙනවා. රෝගවලින් තොර ඉන්දියාවක් නිර්මාණය කිරීම සහ ගෝලීය සෞඛ්‍ය තත්ත්ව සහ ප්‍රමිත ස්ථාපිත කිරීමට අපි පියවර ගනිමින් ඉන්නවා.විශ්වීය සෞඛ්‍ය සේවා ඉලක්ක සපුරාගැනීම සඳහා අපි කඩිනම් පියවර ගනිමින් ඉන්නවා” යැයි සැසියේදී අදහස් දැක්වූ ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හර්ෂ් වර්ධන් පැවැසීය.

හින්දුස්තාන් ටයිම්ස් ඇසුරිනි 

055



අදහස් (0)

72 වැනි කලාපීය කමිටු සැසිය ඉන්දියාවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 795 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 919 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site