හැටපස් හැවිරිදි ජර්මන් කාන්තාවක් කෘතිම සිංචනය මගින් සිව්නිවුන් දරුඋපතක් සිදුකර ඇතැයි එරට ආර්ටීඑල් රෑපවාහිනිය වාර්තා කරයි.
ඇනග්රිට් රවුනික් නැමැති මෙම කාන්තාව පිරිමි දරුවන් තිදෙනෙක් සහ එක් ගැහැනු දරුවෙකුට උපත දී බර්ලින් රෝහලේ සුවයෙන් පසුවන බවද එරට මාධ්‍ය වාර්තා දක්වයි.
මෙම ලදරුවන් සති 26 ක් වයසැතිය නොමේරු ලදරුවන් ලෙස උපත ලබා ඇති මුත් ජීවිත අවදානම් තත්වයක් නොමැති බව වෛද්‍යවරු පවසති.
ඇනග්රිට් රවුනික්ට දැනටමත් දරුවන් 13 ක් සිටින අතර මුනුබුරු මිනිබිරියන් හත් දෙනෙකුගේ ආත්තම්මා කෙනෙකි.. මෙම කාන්තාව ලෝකයේ සිව්දරු උපතක් සිදුකළ වයස්ගතම කාන්තාව බවට වාර්තාවි තිබේ.
තනිව වෙසෙන මෙම කාන්තාව තවත් දරුවෙක් ලබා ගැනීමට උත්සාහ කරණ බව වාර්තා වු විට ඇයගේ බාලම දුව පවසා ඇත්තේ තම මවගෙන් ඇයට කුඩා සහෝදරයෙක් හෝ සහෝදරියක් අවශ්‍ය බවයි.
රවුනික් ගේ ගර්භනී තත්වය යුක්රේණයේ කරණ ලද සාපල්‍යතා ප්‍රතිකාරයක ප්රතිළුලයකි. මෙම සාපල්‍යතා ප්‍රතිකාරය පිලිබඳව ජර්මනිය තුල දැඩි මතභේදයට තුඩු දී ඇති කරුණකි.
තම ගර්භනී සමයේදී ඇය පවසා ඇත්තේ තමන්ට කැමති ජීවිතයක් ගත කිරීමට ඕනෑම අයෙකුට හැකියාව පැවතිය යුතු බව තමන් විශ්වාස කරණ බවයි.
මෙම කාරණය ගැන අන් අයගේ සැලකිලිමත් බව තමන් සිතන්නේ කෙසේ දැයි යන්න විමසු විට ඇය පවසා ඇත්තේ තමන් මනා ශරීර සෞඛ්‍යයෙන් සිටිනා බවත් අනෙක් පිරිස් මේ සම්බන්ධයෙන් සිතනා දේ ගැන තමන් වැඩි සැලකිල්ලක් නොදක්වන බවයි.
නමුත් මෙම කාන්තාවගේ දරුවන් හදාවඩා ගැනීමට ඇයට ඇති ශාරිරික යෝග්‍යතාව පිලිබඳව වෛද්‍යවරුන් තුල ඇත්තේ ප්‍රශ්නාර්ථයක් බව ඔවුන් පවසති.
කෙසේ නමුත් ජර්මානු පාසැල් ගුරුවරියක් වු රවුනික් දරුවන් ලැබු වයස් ගතම කාන්තාව නොවන බවත් දැනට වාර්තා වි ඇත්තේ නිවුන් දරුවන් ලැබු වයස්ගතම කාන්තාව ලෙස නිල වාර්තාව තබා ඇත්තේ ස්පාඤඤයේ මාරියා ඩෙල් කාර්මන් බොවුසාඩා වේ. 2006 දී ඇය නිවුන් දරුවන් බිහිකරණ විට වයස 66 කි.
මෙම වාර්තාව ගැන ගැටළු මතුව ඇත්තේ සත්‍ය වශයෙන්ම වාර්තාව උසුලන්නේ ඔම්කරි පැන්වාර් බවයි. 2008 දී 70 හැවිරිදි කාන්තාවක්ව සිටිය දී නිවුන් දරුවන්ට උපත දුන් බව විශ්වාස කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත මවක්. ඇත්තම තමයි. එක එක්කෙනාට ඕනෑ විදියට තමන්ගේ ළමයින් ගැන තීරණය කරන්න අවශ්‍යද? දොස්තරලා කිව්වා නම් තමන්ට දරුවන් ලබන්න තවමත් පුළුවන් කියලා එච්චරයි. (නි)
නමුත් විද්‍යාවට වඩා ගරුකළ යුතු දේ තිබෙනවා (නි)
කෝ අපේ සුගුණවතී? නැද්ද මොකුත් අදහසක්? (නි)
පිරිමි 100 කට ගැහැණු 106 ක් ඉන්න ශ්‍රී ලංකාවට මෙම ප්‍රවෘත්තිය ඉතා වැදගත් වේවි. (නි)
ඒ වුණාට ළමුන්ගේ අනාගතයේදී ගැටලුවක් වෙනවා.මවට වයස වැඩි නිසා (නි)