වසර 2035 වන විට ලොව කිසිදු රටක් දිළිදු තත්ත්වයේ නොසිටිනු ඇතැයි තමන් විශ්වාස කරන බව ලොව ධනවතුන් අතුරින් කෙනෙකු වන මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු බිල් ගේට්ස් කියයි.
ඔහු හා ඔහුගේ බිරිද වන මෙලින්ඩා ගේට්ස් එක්ව පවත්වාගෙන ගේට්ස් පදනම වාර්ෂිකව නිකුත් කරන සංදේශයේ කියයි.
ලොව දිළිදු රටවල ජනතාවට සහන සැළැසීමේ අරමුණින් පිහිටුවා තිබෙන ගේට්ස් පදනම මහා පරිනාමයෙන් සහන සේවා කටයුතු වල යෙදෙන්නකි.එම කටයුතු සදහා විශාල ප්‍රමාණයෙන් මුදල්ද වියදම් කෙරේ.
තම ලිපියෙන් බිල් ලොව දිළිදුකම සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත 3 ක් ගැන කතා කරයි.ඉන් පළමුවැන්න වන්නේ දිළිදු රටවල් සදහටම දිළිදු තත්ත්වයේ පවතිනු ඇත යන්නයි.
‘‘කිසි ලෙසකින් වත් එහෙම වෙන්නේ නැහැ.මම කුඩා කාලයේ දිළිදු රටවල් යැයි පැවසුණු රටවල් දැන් දියුණු වෙලා.බොහෝ රටවල් දිළිදු වෙලා තිබෙන්නේ එම රටවල පාලකයින් නිසා.නමුත් දැන් එම තත්ත්වය වෙනස් වෙන බවක් පෙනෙන්නට තිබෙනවා.අඩුම තරමින් මැද ආදායම් ලබන තත්ත්වයටවත් දිළිදු රටවල් තවත් වසර කිහිපයකදී දියුණු වේවි යැයි කියා මට විශ්වාසයි‘‘ ඔහු සදහන් කර තිබේ.
දෙවන මිත්‍යාව ලෙස ඔහු දක්වා ඇත්තේ විදෙස් ආධාර වැඩකට නැති දෙයක් ලෙස ඇතැමුන් දැකීමයි.
‘‘ඇත්තෙන්ම මෙය දේශපාලන නායකයින් තමන්ගේ වාසිය තකා ඉදිරිපත් කර තිබෙන සංකල්පයක්.විදෙස් ආධාර කියන්නේ හොද ආයෝජනයක්.එය නොදැනුවත්වම ඒ ඒ රටවල් අතර සවිමත් ආර්ථික සබදතා ඇතිවීමට හේතුවක් වෙනවා‘‘ යැයි ඔහු ලියා ඇත.
තෙවන මිත්‍යාව ලෝක ජනගහනයේ වැඩිවීම ලෝකයට තර්ජනයක් වීම පිළිඹදවය.මෙයට පිළිතුරු ලබා දී තිබෙන්නේ මෙලින්ඩා ගේට්ස්ය.
‘‘ලෝක ජනගහනයේ වැඩිවීම ගැන බොහෝ අය ඇගිල්ල දිගු කරන්නේ දරුවන්ට.දරුවන් වැඩි වෙනවා කියන්නේ ලෝක ජනගහනය වැඩි වනවා කියලයි ඔවුන් කියන්නේ.මිනිස්සු නැතිව ජනගහනයක් ගැන කතාකරන්නේ කොහොමද?.ජනගහනය වර්ධනය වීම අවශ්‍යයි.මිනිසුන්ට තම තමන්ගේ අවශ්‍යතා පිරිමසා ගත හැකි වාතාවරණයක් තිබෙනවානම් ඔවුන් කුඩා පවුල් ඇතිකර ගැනීමට පෙළඹේවි.
දැන් වෙලා තියෙන්නේ ලෝකයේ සම්පත් බෙදී යෑමේ විෂමතා නිසා හා නොදැනුවත්කම නිසා බහුතරයක් මිනිසුන් හට පවුල් දිවිය සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති වීම.ඔවුන්ටත් යහපත් දිවියක් ගතකරන්නට පහසුකම් තිබෙනවා නම් ඔවුනුත් වගකිව යුතු ලෙස කටයුතු කරාවි.කියන්න ඕනෙ වැඩිහිටියන්ගේ වැරදි නිසා දුක්විදින්නේ දරුවෝ.එනිසා සියළු දෙනා තම තමන්ගේ වගකීම් දැන කටයුතු කිරීම අවශ්‍යයි.‘‘ ඇය සදහන් කර ඇත.
ලිපියේ අවසන බිල් හා මෙලින්ඩා දෙපළ සදහන් කර තිබෙන්නේ සියළු දෙනාට සම අයිතිවාසිකම් හිමි ලොවක් නිර්මාණය විය යුතු බවයි.එවන් ලොවක් නිර්මාණය වන්නේ මිනිස් ජීවිතයක වටිනාකම දැන කටයුතු කරන සමාජයක් නිර්මාණය වන දා යැයි ඔවුන් දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් ආසයි. ආතර් සි. ක්ලාර්ක් මහත්තයාගේ විද්‍යා ප්‍රබන්ධ මතක් වෙනවා. (නදී)
මේ මොනවා කතා කරනවද තව අවුරුදු පහකදී ලංකාව නළු නිලියන් විසින් පාලනය කරන සුරලෝකයක් වෙනවා.(නදී)
2035 දි බිල් ජීවත් වුනොත් බෙල්ලෙන් අල්ලා ගමු.(නදී)
2035 කියන්නේ වැඩි කාලයක් නොවේ . අකල් මරණයක් නොවුයේ නම් . අද ජිවත් වන තරුණයන්ට මෙය සත්‍ය දෙයක්ද කියා බල ගන්නට පුළුවන් . එහෙත් අද ගෝලීයකරණය වාණිජ ලෝකයත් , ලෝකය ගමන් කරනා බලය පවත්නා ආකාරය දුටුවිට මෙය බිල් ගේට් දුටු දවල් සිහිනයක් ද කියා සිතෙනවා . (දී)
2035 වෙනකන් අපිට ඉන්නද කියන්නේ. (නදී)
මුළු ලංකාවම එකම පවුලක් සේ සළකා වැඩ කරන්නැයි ලොකු තැන් වලින් නිතර කියනවා ඇසෙනවා. (දී)
බිල් ගේට්ස් දාන පතියෙකු උනේ ඔහු "ජේසු තුමන් තම ගැලවුම් කරු" ලෙස පිළිගැනීමෙන් පසුවයි.(නධී)
ලංකවේ මැති ඇමති වරුහැර අනිත් ඔක්කොම හිගන්නෝ විතරයි (අ)
"ලිපියේ අවසාන කොටස වැදගත්." හැමදාම මම සිතුවෙත් ඔවැනිම දෙයක්. (අ)
මේ ලිපියේ හොදම කොටස තමයි මෙන්න මේ සාරාංශය "ලිපියේ අවසන බිල් හා මෙලින්ඩා දෙපළ සදහන් කර තිබෙන්නේ සියළු දෙනාට සම අයිතිවාසිකම් හිමි ලොවක් නිර්මාණය විය යුතු බවයි.එවන් ලොවක් නිර්මාණය වන්නේ මිනිස් ජීවිතයක වටිනාකම දැන කටයුතු කරන සමාජයක් නිර්මාණය වන දා යැයි ඔවුන් දක්වා ඇත." යන්නයි. (අ)
මෙලින්ඩා ගේට්ස් මැතිනියනි, බිල් ගේට්ස් මහත්මයානෙනි, ලෝකයේ දුප්පතුන්ට උදව් කිරීමට ඔබ දෙපල ගන්නා උත්සාහය දිනෙන් දින සාර්ථක වේවා! ලෝකයේ වැඩිම ජනගහණයක් ජීවත් වන්නේ දුප්පත් රටවලය. එහෙත් ඔවුන්ගේ නිශ්පාදිත ද්‍රව්‍යයන්ට සහ අමු ද්‍රව්‍යයන්ට ලෝක වෙළඳ පොලේ අද දින පවා ඇත්තේ ඉතාමත් අඩු මුදලකි. ඒ මුදලින් ඔවුන්ට දිළිඳු බවින් මිදීට බැරිබව ප්‍රකට සත්‍යයකි. මෙය වෙනස් කිරීමට ඔබ දෙපලට යම් දිනක හැකිවේ නම්, 2035ට පෙරද ලෝකයේ දුප්පතුන්ගේ සංඛ්‍යයාව බොහෝ දුරට අඩුකළ හැකිය. (අ)
අපේ රටත් ආශ්චර්යයට යන ගමනේදී තව නොබෝ දිනකින් දුප්පත්කම ඉවරයි කියල අපේ ආණ්ඩුව කියයි (අ)
දුප්පත්කම හැබවින් තියෙන රටවල් වලට මෙයාල ගිහින් නැතුව වගේ නේද?(නදී)
මෙතුමාගේ ආදායමෙන් වැඩි හරියක් ආධාර වශයෙන් අනිත් රටවලට දෙනවා. අපේ රටේ මුදල් ගොඩ ගසාගන්න පුද්ගලයන්ට හොද ආදර්ශයක් මැරෙනකොට කවුරුත් ගෙනියන්නේ නැහැ කිසිම දෙයක් හොදක් මිස.(නදී)
කොයිතරම් ආඩම්බරයක්ද ලංකාවට? 2035 දී, ලෝකයේ දුප්පතුන් නැතිවනවිට, ලංකාවේ පමණක් දුප්පතුන් ගේ පැවැත්ම දිගටම පවත්වාගෙන ගොස් එය තව තවත් සංවර්දනය කර, අපි ඒකටත් ලෝක වාර්තාව තියන්න දැන්ම ලෑස්ති වෙනවා. අපේ රටේ සංචාරක ප්‍රවර්දනයේ දියුණුවට ලොකු පිටුවහලක්. මේ දුප්පත් කම පවත්වාගෙන යාම. 2035 න් පසු ලෝකයේ දුප්පතුන් දැකගන්න ලෝවැසි සියලුම දණවතුන් ලංකාවට සංචාරය කරනවා. අපේ රටේ පෝසතුන් (දේසපාලුවන්හා වුන්ගේ ගැත්තන්) වෙනත් ලෝකයක් මුදලට ගෙන එහි වාසය කරන ගමන් සංචාරක ව්‍යාපාරයට මුදල් ආයෝජනය කරමින් විශාල ගුවන් සමාගම් හා මහා පරිමාණ හෝටල් සංකීර්ණ පවත්වාගෙන යනවා. ඒ සංචාරකයන්ට එන්න යන්න හා රැදී සිටින්න. (නදී)
අපේ අවාසනාවට අපේ රටේ දුප්පත් කම එන්න එන්න වැඩිවෙනවා දේශපාලනයට පින්සිදුවන්න... (අ)
ඒ මිනිස්සු කොච්චර වාසනාවන්තද ? (අ)
මොනවා වුණත් ඇමෙරිකානු ඩොලර බිලියන 72 ක් ධනවත් ගේට්ස් මහතා හා එම මැතිනිය සමාජ සුබසාදනයට වැඩි වශයෙන් ආධාර ලබා දීම අගය කරනවා. (අ)
ඔව් වෙන්න පුළුවන්. දිළිදුකම නව මුහුණුවරක් ගනීයි....යන්ත්‍ර වගේ වැඩ කරන, සේවක අයිතිවසිකම් නැති සාමාන්‍ය ජනතාවක් හා ඒ මිනිස්සුන්ගේ පිහිටෙන් ගොඩ ගිහින් තව තවත් ධනය තර කරගන්නා හාම් පුතුන් පිරිසක් බිහිවෙයි. (අ)