ලොව ජනප‍්‍රියම අන්තර්ජාල  සමාජ වෙබ් අඩවියක් වන ‘ෆේස් බුක්’ හි නිර්මාතෘ විසිඅට හැවිරිදි මාක් සකර්බර්ග් පෙරේදා(19) යුගදිවියට පිවිසුණේය. ඔහු විවාහ වී ඇත්තේ තම දිගු කාලීන පෙම්වතිය වූ 27 හැවිරිදි ප‍්‍රිසිලා චාන් නමැති යුවතිය සමඟය. මීට වසර 9කට පෙර ඔහුට චාන් හමුවූයේ හාවඞ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවදියේදීය.