ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා ලංකාවත් බ්‍රිතාන්‍යත් අතර වකුගඩු ජාවාරමක් සිදු වන බව බ්‍රිතාන්‍යයේ ‘ද ඩේලි රෙකෝඩ් ඇන්ඩ් සන්ඩේ මේල්‘ පුවත් සේවය වාර්තා කරයි.
ජාවාරම්කරුවන් වකුගඩුවක් සඳහා ඩොලර් 75,000ක් (රුපියල් 10042875.00) ක් අය කරන බව ද එම වෙබ් අඩවිය කියයි.
මේ ආකාරයට අනවසර වකුගඩු හුවමාරුව හරහා එච්අයිවී ඒඩ්ස් ඇතුළු සමාජ රෝග බෝවීමේ අවදානම වැඩි වී ඇති බවත්, මෙය ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් මෙන්ම මනුෂ්‍යත්වයට නිගාවක් බව වෛද්‍යවරු සහ විද්වත්හු පෙන්වා දෙති.
පකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල සිටින පැල්පත් වාසීන් හා දුප්පතුන් වකුගඩු ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇතැයි ද, අගහිගකම් නිසා ඔවුන් තම අවයව මුදලට විකුණන බව ද සඳහන්ය.
වකුගඩු ජාවාරමේ ලංකා නියෝජිතයා මේ වන විට ගනුදෙනු සියයක් පමණ කර ඇතැයි ද, වකුගඩු ගනුදෙනුවක් ගැන තොරතුරු ඇතොත් වහා ඒ බව දැනුම් දෙන්නැයි ද ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන්නන්ගෙන් මේ ගැන පරීක්ෂණ පවත්වන කණ්ඩායම් ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නූතන මිනිස් ජාවාරමක් (ම)
මේක ඉන්දියාවේ බහුලව සිදුවෙන දෙයක්. වකුගඩුව පරිත්‍යාග කරන දුප්පත් කෙනාට ඔය ගණනින් 10% වත් ලැබෙන්නේ නැහැ. වැඩිම වාසිය අතරමැදියාට.නමුත් මේ දෙයින් කාගේ හෝ ජීවිතයක් බේරෙන්න ඉඩකඩ තියෙනවා (නි)