IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ෆේස්බුක් හරහා වකුගඩු ජාවාරමක්‘

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය හරහා ලංකාවත් බ්‍රිතාන්‍යත් අතර වකුගඩු ජාවාරමක් සිදු වන බව බ්‍රිතාන්‍යයේ ‘ද ඩේලි රෙකෝඩ් ඇන්ඩ් සන්ඩේ මේල්‘ පුවත් සේවය වාර්තා කරයි.

ජාවාරම්කරුවන් වකුගඩුවක් සඳහා ඩොලර් 75,000ක් (රුපියල් 10042875.00) ක් අය කරන බව ද එම වෙබ් අඩවිය කියයි.

මේ ආකාරයට අනවසර වකුගඩු හුවමාරුව හරහා එච්අයිවී ඒඩ්ස් ඇතුළු සමාජ රෝග බෝවීමේ අවදානම වැඩි වී ඇති බවත්, මෙය ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් මෙන්ම මනුෂ්‍යත්වයට නිගාවක් බව වෛද්‍යවරු සහ විද්වත්හු පෙන්වා දෙති.

 පකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි රටවල සිටින පැල්පත් වාසීන් හා දුප්පතුන් වකුගඩු ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇතැයි ද, අගහිගකම් නිසා ඔවුන් තම අවයව මුදලට විකුණන බව ද සඳහන්ය.

වකුගඩු ජාවාරමේ ලංකා නියෝජිතයා මේ වන විට ගනුදෙනු සියයක් පමණ කර ඇතැයි ද, වකුගඩු ගනුදෙනුවක් ගැන තොරතුරු ඇතොත් වහා ඒ බව දැනුම් දෙන්නැයි ද ෆේස්බුක් සමාජ ජාලය භාවිත කරන්නන්ගෙන් මේ ගැන පරීක්ෂණ පවත්වන කණ්ඩායම් ඉල්ලති.



අදහස් (0)

‘ෆේස්බුක් හරහා වකුගඩු ජාවාරමක්‘

දුමින්ද Tuesday, 21 July 2015 04:28 AM

නූතන මිනිස් ජාවාරමක් (ම)

:       0       0

නාමල් Monday, 20 July 2015 04:04 PM

මේක ඉන්දියාවේ බහුලව සිදුවෙන දෙයක්. වකුගඩුව පරිත්‍යාග කරන දුප්පත් කෙනාට ඔය ගණනින් 10% වත් ලැබෙන්නේ නැහැ. වැඩිම වාසිය අතරමැදියාට.නමුත් මේ දෙයින් කාගේ හෝ ජීවිතයක් බේරෙන්න ඉඩකඩ තියෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site