IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


ළමා අපචාර අල්ලන්න මාපිය හමුදාවක්

‘ලෙට්ස්ගෝ හන්ටින්ග්‘ නම් නාමයෙන් හැදින්වෙන මේ දෙමාපියන්ගෙන් සැදි කණ්ඩායමේ උපාය වන්නේ ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි වල චාටුවෙන් කුඩා දරුවන් රවටා තම පහත් ආශාවන් ඉටුකර ගැනීම සදහා යොදා ගන්නා පුද්ගලයින් කොටු කර ගැනීමයි.මේ සදහා ඔවුන් භාවිතා කරනුයේ කදිම උපක්‍රමයකි.ඒ තමන්ද වයස අවුරුදු 12 -15 අතර කුඩා දරුවන් බව බලන්නෙකුට ඒත්තු ගැන්වෙන ආකාරයේ ගිණුම් සමාජ වෙබ් අඩවි වල ඇති කර ගැනීමයි.

‘ඉතින් ඒ අයත් රැවටෙනවා.ඇයි අපි කුඩා ළමයි විදිහටනේ පෙනී සිටින්නේ.ගොඩක් අය එක සැරේට තම තමන්ගේ ගතු කියන්නේ නැහැ.අපෙන් ප්‍රශ්න අහල අහල තමයි මුණ ගැහෙන්න ඕන කියල කියන්නේ.ඒ වගේ දෙයක් පොඩි ළමයෙක්ට  කියයිද වගකීමක් ඇති වැඩිහිටියෙක් ?‘ යැයි පවසන්නේ ‘ස්කම් බස්ටර්‘ නම් අනවර්ථ නාමයෙන් හැදින්වෙන කණ්ඩායමේ ප්‍රධානියාය.

කතාබහ අවසානයේ ළමා අපචාරකයාට මේ ‘දරුවා‘ නොදැක සිටීමට බැරි තත්ත්වයට පත්වූ පසු ඔවුන් කරන්නේ මුහුණට මුහුණ හමුවීමක් යෝජනා කිරීමයි.යෝජනාවට එකග වී අදාළ ස්ථානයට යන ළමා අපචාරකයාට තරු පෙනෙන්නේ එතැන සිටින්නේ තමා සිතූ පරිදි කුඩා දරුවෙකු නොව හොදින් වැඩුණු ඇගපත ඇති දෙමාපියන් පිරිසක් බව දැකීමෙනි.

‘අපි තැන තැන කැමරා අටවලයි තිඛෙන්නේ.සිදුවන සියල්ල ඒවායේ පටිගත වෙනවා.බොහෝ වෙලාවට අපිව දැක්ක ගමන් ඔවුන් උත්සාහ කරන්නේ පැනල යන්න.ඒත් අපි කොහොම හරි ඔවුන්ව අල්වා ගන්නවා.අපි අතරේ සිටින්නේ කරාතේ,ජුජිට්සු වැනි ආත්මාරක්ෂක සටන් කලා ප්‍රගුණ කළ දෙමාපියන් පිරිසක්.ඉතින් බය වෙන්න දෙයක් නැහැ‘ කණ්ඩායම් ප්‍රධානියා කියයි.

ළමා අපචාරකයෙකු බවට සැකකෙරෙනා පුද්ගලවා අල්ලා පොලිසියට භාරදෙන ඔවුන් ඊළගට කරන්නේ මෙහෙයුමේ වීඩියෝව අන්තර්ජාලයට එක් කිරීමයි.අන්තර්ජාලයේ ඒවා නැරඹුූ අයගෙන් ලැඛෙන ප්‍රතිචාර වලින් තමන් තව තවත් දිරිමත් වන බව කණ්ඩායම පවසයි.මේ වන විට ඔවුන් ළමා අපචාරකයින් බවට සැකකෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු අල්ලා පොලිසියට භාරදී තිබේ.

සමාජ සේවයක් වුවත් පොලිසිය නම් කියන්නේ මෙය තමන්ට අනුමත කළ නොහැකි ආකාරයේ කි්‍රයාදාමයක් බවයි.මෙනිසා ළමා අපචාරකරුවන් සොයා අරඹා ඇති පරීක්ෂණ කටයුතු වලටද බාධා සිදුවන බව පොලිසියේ මතයයි.

 



අදහස් (0)

ළමා අපචාර අල්ලන්න මාපිය හමුදාවක්

දම්මි Wednesday, 24 April 2013 09:28 AM

නියම වැඩක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ස්පාඤ්ඤ රජයට එරෙහි විරෝධතා
2024 නොවැම්බර් මස 10 52 0

මහ වැසි සහ ප්‍රචණ්ඩ ජල ගැලීම්වලට හසුවී තමන් අන්ත අසරණ වෙද්දී, තමන්ට සහන සැපැයීමට සහ එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගැනීමට අපහසු වූ බව චෝදනා නගමින් ස්පා



සටන් විරාම සාකච්ඡාවලින් කටාරය ඉවත් වෙයි
2024 නොවැම්බර් මස 10 57 0

හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් මුදා ගැනීමේ අරමුණින්, සටන් විරාමයක් පැවැත්වීමට කටාර් රාජ්‍යය මැදිහත් වී සිටියේ, ඊජිප්තුව


ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියෝ 40 ක් මරුට
2024 නොවැම්බර් මස 10 24 0

ගාසා තීරයේ උතුරු දිග ප්‍රදේශ කීපයක හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා බෝම්බ ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් පමණක් මියගිය පලස්තීන වැ


ඇමතුම දෙද්දී ඉලොන් මස්ක් හවුල් කරගෙන
2024 නොවැම්බර් මස 09 258 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන බවට ප්‍රතිඥා දී ඇත.


ඉන්දියාවේ දුම්රියක් පීලි පනී
2024 නොවැම්බර් මස 09 52 0

වාසනාවකට අනතුරින් කිසිවකු ජීවිතක්ෂයට පත් නොවුණු බව ද පැවැසෙයි. දුම්රිය පීලි පැනීමට ලක්වූයේ කොල්කටා සිට කිලෝමීටර් 40 ක් පමණ දුරින් පිහිටි නාල්පූර් නුවර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 120 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 490 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1495 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site