බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය ජුනි මාසයේ දී හමුදා සේවයෙන් සමුගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
හැරී කුමරු එම නිවේදනයෙන් පවසා ඇත්තේ හමුදා ජීවිතය තුල ලැබු අත් දැකීම් සිය ජීවිතයේ ඉතිරි කාලයේදී ද සිය ජීවිතය සමග බද්ධව පවතින බවයි. හමුදා දිවිය හේතුවෙන් අභියෝගයන්ට මුහුණ දීමට පුරුදු වූවා මෙන්ම අපූර්ව පුද්ගලයින් ඇසුරට පත්වු බවද හෙතෙම කියා තිබේ.
හැරී කුමරු හමුදා හෙලිකොප්ටර් නියමුවෙක් ලෙස 2012 සැප්තැම්බර් 7 වෙනිදා ඇෆ්ගනිස්ථානයේ සේවය සඳහාද යෙදවීය. ඔහු හමුදා රාජකාරි භාරගත්තේ 2005 වසරේ සැන්ඩ්හස්ට් හමුදා ඇකඩමියට බැඳීමෙනි. හැරී කුමරු බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ බාල පුතණුවන්ය. 2011 දී හමුදාවේ ඉහළ නිලයක් වන කපිතාන් තනතුරට පත්විය. පසුව ගුවන් යානා අණදෙන්නෙක් ලෙස සුදුසුකම් සපුරා ගන්නා ලදී.
හමුදා ජීවිතයෙන් ඉවත්ව සාමාන්‍ය දිවියට පත්වීමට පෙර හැරී කුමරුට තවත් වගකීම් කිපයක් තිබේ. ඇමෙරිකාවේ දී ද ගුවන් යානා පුහුණුව ලැබූ හෙතෙම මාස දෙකක කාලය තුලදී ඔස්ට්‍රේලියානු ආරක්ෂක බලකායේ ක්‍රියාන්විත සේවයේ නිරත විය.
2025 නොවැම්බර් මස 04
316
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2132
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හැරී ගුවන අතහරී
සොපී Friday, 20 March 2015 03:10 AM
තමුන්ගේ අම්මට බොහෝ ආදරය කල මේ පුතාට අපගේ සුබ පැතුම් ..!(නදී)
දුමින්ද Thursday, 19 March 2015 06:32 AM
විපුල අමතකද රගර් පිටිවල යුද්ධ කළා (බ)
විකුම් Wednesday, 18 March 2015 11:11 PM
හැරී කුමරුවනි, දීප්තිමත් අනාගතයකට සුබ පැතුම්! (නි)
සමන්ත Thursday, 19 March 2015 12:41 AM
අපේ සමහර කුමාරයන්ට වගේ චීන රොකට්ටුවෙන් හඳට යන්න අදහසක් තිබිලා නැහැ වගේ. (නි)
දුමින්ද Thursday, 19 March 2015 08:10 AM
චමිල, වැඩක් නැහැ ආපසු මුලස්ථානයට ගනීවි (නදී)
චමිල Thursday, 19 March 2015 01:59 AM
හැරී කුමාරය, චාල්ස් කුමාරයාගේ ආරක්ෂකයෙක් වෙන්න ඉල්ලීමක් කරලා නැද්ද මන්ද.(නදී)
විකී Thursday, 19 March 2015 09:45 PM
අපරාදේ! අපේ අර කුමාරයාගේ 'චාන්ස්' එක 'මිස්' වුණානේ. (නි)
විපුල Thursday, 19 March 2015 05:24 AM
සමන්ත , අපේ කුමාරවරු කොහෙද යුද්දෙට ගියේ ? (නදී)