හමුදා නිල ඇඳුමින් සැරසුණු සටන්කාමීන් පිරිසක් ඊයේ (16) අලූයම පාකිස්තානයේ මින්හාස් ගුවන් හමුදා කඳවුරට කඩා වැදී එල්ල කළ ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබළු 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 15 දෙනක් තුවාල ලැබූහ.
පාකිස්තාන ගුවන් හමුදාවට අයත් මිග් සහ ජේ එෆ් 17 වර්ගයේ ප‍්‍රහාරක යානා රඳවා ඇත්තේත්, ඒවායේ අලූත් වැඩියා කටයුතු සිදු කරන්නේත් මින්හාස් ගුවන් හමුදා කඳවුරේය.
සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයෙන් මිග් යානා දෙකකටත් හානි සිදුවී ඇතැයි වාර්තා වේ.
සටන්කාමීන් කඳවුරට ඇතුළු වී ඇත්තේ අලූයම 2 ට පමණය. හමුදා නිල ඇඳුමින් පැමිණි නිසා ඔවුන්ට පහසුවෙන් කඳවුරට යෑමට හැකි වී ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
සටන්කාමීන් බෝම්බ කබාවලින් සැරසී, ආර්.පී.ජී. සහ ස්වංකී‍්‍රය ගිනි අවි අතැතිව පැමිණ ප‍්‍රහාරය එල්ල කළ බව ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටී.
ප‍්‍රහාරය එල්ල වෙද්දී පාකිස්තාන හමුදා වහා කි‍්‍රයාත්මක වී ඇත.
ප‍්‍රහාරය සඳහා සටන්කාමීන් 8 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණි ඇතැයි ආරක්ෂක අංශ පවසයි. පාකිස්තාන හමුදා එල්ල කළ ප‍්‍රහාරයෙන් සටන්කාමීහු අටදෙනාම ජීවිතක්ෂයට පත් වූහ.
ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගෙන නැත. පාකිස්තාන රජය පවසන්නේ එය, තලේබාන් හෝ අල් කයිඩා හෝ සටන්කාමීන් එල්ල කළ ප‍්‍රහාරයක් විය හැකි බවය.
ප‍්‍රහාරය එල්ල වූයේ පාකිස්තාන/ඇෆ්ගන් ගෝත‍්‍රික ප‍්‍රදේශවල සැඟවී සිටින සටන්කාමීන් සොයමින් පාකිස්තාන හමුදා පෙරේදා (15) සිට දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමඟය.
2011 වසරේදී ද මේ අයුරින්ම හමුදා නිල ඇඳුමින් සැරසුණු සටන්කාමීහු පිරිසක් පාකිස්තානයේ කරච්චි නුවර ගුවන් හමුදා කඳවුරට කඩා වැදී පහර දුන්හ. එම අවස්ථාවේදී ආරක්ෂක අංශ සහ සටන්කාමීන් අතර පැය 17 ක් තිස්සේ දරුණු සටන් පැවැතිණි. එම ප‍්‍රහාරය එල්ල කළේ තලේබාන් සටන්කාමීන්ය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතකයි නේද අනුරාධපුරේට ගහපු හැටි එල්.ටී.ටී.ඊ එක..!!(නු)
හොඳ ප්‍රවෘත්තියක්නේ. අද දවසම ලස්සන දවසක්. මේ සියල්ලන්ම ලෝකයෙන් ඉක්මණටම තුරන් වේවා! (නි)
සම්පත්, ඔයා පාකිස්තානුවෙක්ව ආශ්‍රය කරලා තියෙනවද? (නි)
ගහලා ගහලා මුහුදට දානකම්ම දන්නේ නැති ජාතිය, මෙහෙමවත් තුරන් වේවා! (නි)
මධූ, ඔයාට දවස හොද වෙන්නේ කවුරුහරි මැරුණයි කියලා ඇහුවහමද? (නි)
සම්පත් හරියටම හරි. පුලුවන් නම් මධූව මැදපෙරදිගට ගෙනිහින් පෙන්නන්නකෝ. (නි)
මේ වීඩියෝ එක අන්තර්ජාලය හරහා නරඹන්නත් පුලුවන්. (නි)
මේ මේ, අපේ නානලාට ඕනෑ නැති පාට් දාන්න එන්න එපා හරිද? (නි)
පාකිස්තානයට ජයවේවා (අ)
අනේ මන්දා බැලුවහම හැමෝම ජාතිවාදියෝ..(ස)
පාකිස්තානය තමයි ලංකාවේ යුද්දේට ගොඩක් උදවු කලේ කියලා දන්නේ නැද්ද ?(ස)
මධු, ඔහොම කියන්න එපා. මැද පෙරදිග ඉන්න හුගක් සිංහල කාන්තාවන් ඉන්නේ ඔය පාකිස්ථානුවන් එක්ක තමයි. (නි)
හොද පුවතක් හෙටත් අහන්න ලැබේවා..!!(නු)
අපේ අයට ඔක උනා නම් ගුවන්යානා ටික ඔක්කොම නැති කරගෙන තමා ඉවර වෙන්නේ.....(නු)