IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


හාදු ගන්න ගිහින් සිංහයාගෙන් පහර කයි

සිංහයෙකු සිප ගැනීමට යාමේදී සිංහයාගෙන් පහර කෑමට ලක්වූ තරුණියක් පිළිබඳව දකුණු අපි‍්‍රකාවෙන් වාර්තා වේ.

ලොරෙන් ෆගන් 18 හැවිරිදි කැනඩා තරුණියකි. සතුන්ට මහත් ඇල්මක් දක්වන ඇය මැක්ගිල් විශ්ව විද්‍යාලයයේ ඉගෙනුම ලබමින් සිටියදී ජීවිතාන්තය තෙක් සතුන්ගේ සිතැගි පරීක්‍ෂා කරන්න ඇයට වුවමනා වී ඇත. ඉන්පසු දකුණු අපි‍්‍රකා වනසත්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ස්වේච්ඡා සේවිකාවක් වශයෙන් සේවයට බැදුණය.

ෆගන්ගෙ රාජකාරිය කූඩු පිරිසිදු කිරීම පමණි. සතුන්ට කෑම දීමට අවසර ඇත්තේ පුහුණු වෘත්තීකයන්ට පමණකි. දිනක් සිංහයන්ට කෑම දුන් පසු ඇය කූඩුවෙන් පිටත සිට සිංහයා සිඹ ඇත. එහිදී අවුරුදු 5ක් වයසැති ඩුමා නැමති සිංහයා ඇයගේ පාදයෙන් ඇද ඇය කූඩුව තුළට ගැනීමට තැත් කර ඇත. අනෙක් සිංහයන්ද මෙයට එක් වී තිබේ. කෑගැසීම ඇසී පැමිණි ස්වේච්ඡා සේවිකාවක් ඇය බේරාගත්තාය.

 

 

 



අදහස් (0)

හාදු ගන්න ගිහින් සිංහයාගෙන් පහර කයි

මැණිකේ Sunday, 14 July 2013 11:14 PM

තරම නොදැනද ඉඹින්න ගියේ. අනේ අපොයි මෙහෙමත් වැඩ! (නි)

:       0       0

තිෂාන් Monday, 15 July 2013 12:02 AM

ඕකට තමා කියන්නේ අනවශ්‍ය වේද කරන්න ගිහිල්ල ඉල්ලගෙන කනවා කියන්නේ. හොඳ වෙලාවට කන් ඇවිල්ල බේරුවේ.(අ)

:       0       0

සිසිර Monday, 15 July 2013 12:27 AM

මගෙන් ඉල්ලුවානම් ඉවරයිනේ.(නදී)

:       0       0

හේරත් Monday, 15 July 2013 05:24 AM

අනේ මමත් සිංහ...වෙඩි සිංහ,මාරසිංහ,වන සිංහ, එන්නකෝ මෙහෙ. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 15 July 2013 05:49 AM

සතුන්ට සතුන්ගේ පාඩුවේ ඉන්න දුන්නා නම් ඉවරයිනේ. උන් කූඩු කරලා කරන සත්ව කරුණාවෙන් වැඩක් නැහැ. ඕස්ට්‍රේලියාවේ හිටියා කෙනෙක්, කිඹුල්ලු අල්ලගෙන දගලලා රූපවාහිනිය මගින් ප්‍රසිද්ධ වෙලා කෝටි ගණන් හම්බු කරගත්තා, නමුත් අන්තිමට සර්පයෙක් දෂ්ට කරලා මලා (නි)

:       0       0

සමන් Monday, 15 July 2013 06:40 AM

මෝඩකමට බෙහෙත් නැහැනේ. මේක තේරුම් ගන්න ඕනෑ (නි)

:       0       0

කැනඩා දිසා Monday, 15 July 2013 06:46 AM

හොද වැඩේ. ඔයාගේ කැනඩා සිංහයා මම, ගෙදර ඉදිත්දී අප්‍රිකාවේ සිංහයෝ ඉබින්න ගියාට (නි)

:       0       0

රිෂාර්ඩ් Sunday, 14 July 2013 06:24 PM

සතා සතා මයි. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ.(නදී)

:       0       0

දුමි Monday, 15 July 2013 07:23 AM

අනේ මම ඒ සිංහයා වුනා නම් .. (නි)

:       0       0

අමිළ කටුනායක Monday, 15 July 2013 07:28 AM

දැන් සිංහයාට බයද නංගියේ.(නදී)

:       0       0

මහින්ද Sunday, 14 July 2013 06:47 PM

පණපිටින් සතුන්ගේ බෙල්ල කපන්නේ තිරිසන්නු. ඒක කාටවත් නෑ කියන්න බැහැ.(නදී)

:       0       0

මහින්ද Sunday, 14 July 2013 06:46 PM

පණපිටින් සතුන්ගේ බෙල්ල කපන්නේ තිරිසන්නු. ඒක කාටවත් නෑ කියන්න බැහැ.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 15 July 2013 07:42 AM

ඕස්ට්‍රේලියාවේ හිටපු කෙනා මැරුණේ සර්පයෙක් නිසා නොවෙයි 'මඩුවා' වර්ගයේ මාලුවෙක් නිසා. සතුන් ගැන අනුකම්පා කළයුත්තේ වෙන කිසිවක් නිසා නොව ඔවුන්ට වෙන අසාධාරණ වලට ඉදිරිපත් වීමට ඔවුන්ට නොහැකි නිසා. මිනිසුන්ට වෙන අසාධාරණ වලට අඩු වශයෙන් පොලිසි උසාවි යන්න පුළුවන්. එහෙත් අපි වන සතුන් ගැන ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. (නි)

:       0       0

ආනන්ද ආර් Sunday, 14 July 2013 07:23 PM

හොඳටම ඇති ඔයින් බේරුනා.(නදී)

:       0       0

සම්පත් Monday, 15 July 2013 08:52 AM

පින්තුර වෙනුවට හැම ලිපියේම ලොකු ගොඩනැගිලි දෙකක් දාන්න එපා..හරි කැතයි (අ)

:       0       0

රිෂාර්ඩ් Sunday, 14 July 2013 08:13 PM

අද මිනිස්සු තිරිසන් වෙලා ඒවාට කව්රුත් කතා කරන්ඩ කව්රුත් නැහැ. හැබැයි සතෙකුට මොනා හරි එකක් නම් ඉතින් ?(නදී)

:       0       0

වරුණ Monday, 15 July 2013 09:35 AM

ඕකට අපේ සාලියව හම්බ උනානම් නොමිලේ ගන්න තිබුනා. සිංහයෙක් ගාවට යන්න ඕන නේ සාලිය හරි කැමතියි ඕවගේ වැඩ වලට.(නදී)

:       0       0

රජීව් Monday, 15 July 2013 09:59 AM

ජිවිත හානියක් නැතුව බේරුන එක ලොකු දෙයක් (නි)

:       0       0

රසික Sunday, 14 July 2013 10:10 PM

ආගම කියන සංකල්පය මගින් මිනිස්සුන්ට දුන්න තෑගි තමා. පොඩිකාලේ ඉදලම කියල දෙන්නේ සත්තු මරණ විදිය. ලේ පෙන්න පෙන්න සතුට වෙන විදිය. තිරිසන් සත්තු නම් එහෙම කරනවා. පොඩි උන්ට දඩයම් පුරුදු කරන්න. (නද)ී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1443 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1305 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 471 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site