ස්වීඩනයේ වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින්ටද එරට අනෙකුත් ජනතාවට කොරෝනා වයිරසය හේතුවෙන් පනවා ඇති මාර්ගෝපදේශ අනුගමනය කිරීමට උපදෙස් දී තිබේ.

වෙනත් පුද්ගලයින් සමඟ ජීවත්වීම ඇතුළුව ඔවුන් සමඟ සමීප සන්බන්ධතා පැවැත්වීමෙන් වළකින ලෙස මීට පෙර එරට වැඩිහිටි ප්‍රජාවට සහ අවදානම් සහිත කණ්ඩායම්වලට උපදෙස් දී තිබුණි.

කෙසේ වෙතත් එරට මහජන සෞඛ්‍ය ප්‍රධානියා පැවසූවේ ස්වයං හුදෙකලාව වැඩිහිටි ප‍්‍රජාවට හානිදායක වී ඇති බවය.

ස්වීඩනයේද කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින නමුත් යුරෝපයේ අනෙකුත් රටවල වයිරසය ඉතා සීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතී.

මාස කිහිපයක් පුරා ස්වීඩනයේ වැඩිහිටි ප‍්‍රජාවට සහ අනෙකුත් අවදානම් සහිත කණ්ඩායම්වලට වෙළෙඳසැල් සහ ඖෂධසැල් ආදියට යෑමෙන් වළකින ලෙසට ද උපදෙස් දී තිබුණි.

එම නිර්දේශ වෛරසයට ගොදුරු විය හැකි කණ්ඩායම් අතර වයිරසය පැතිරීම අවම කිරීමට හේතු වූ බව එරට මහජන සෞඛ්‍ය ආයතනයේ ප‍්‍රධානියා පැවසීය.

කෙසේ වෙතත් එම තත්ත්වය මානසික සහ කායික වශයෙන් අයහපත් ප‍්‍රතිවිපාක ඇති කළ බව ඔහු පෙන්වා දුන්නේය.

බීබීසී ඇසුරෙනි

226