ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ ඔස්ටින්හි මැරතන් තරගයකට සහභාගීව සිටි කෙන්යා ජාතික හයිවොන් න්ගෙටිච් සිටියේ දිනුම් කණුව අසලය .තවත් මීටර් කිහිපයක් පසු කළ විට ඇය තරගයේ ජයග‍්‍රාහකයාය.
කිලෝමීටර ගණනාවක් දිව ආ ඇය හොඳ හැටි වෙහෙසට පත්ව සිටියාය.පැය 3 කට ආසන්න කාලයක් ඇය නොනවත්වාම දිව්වාය. නමුත් ජයග‍්‍රහණය අභියස සිටි බැවින් දෝ ඇයගේ දැස සතුටින් දැල්වී තිබිණි.
එක්වරම ඇය බිම ඇද වැටුණේ කිසිවෙකුත් නොසිතූ පරිදිය.වෛද්‍යවරු හා සහන සේවකයෝ පිරිසක් වහ වහා ඇය වෙත දිව ගියහ.අධික වෙහෙස හමුවේ හයිවොන් පරාජයක සිටි ලකුණු පෙණිනි.
ඇය රෝද පුටුවකට නංවා ගැනීමට පිරිස උත්සාහ කළත් ඇය එය ප‍්‍රතික්ෂේප කළාය.ඇයගේ දෑස තවමත් දිනුම් කණුව වෙත එල්ලවී තිබිණි.
ඇය මඳක් ඉහළට එසවුනාය.දෑත් වලටද බර දී සතර පයින් දිනුම් කණුව වෙත ගාටන්නට පටන් ගත්තාය.
ඒ දුටු තරගය නරඹමින් සිටියෝ ඔල්වරසන් නැඟූහ.වෛද්‍යවරුද ඇය පසෙකින් ගමන් කරමින් ඇයව දිරිමත් කළහ.
මේ අතර පසුපසින් දිවගෙන ආ තරගකාරියෝ දෙදෙනක් හයිවොන්ව පසුකළහ.නමුත් හයිවොන් නොසැළුණාය.
සතර පයින් ගාටමින් පැමිණි ඇය තෙවැනියා ලෙස තරගය නිම කළාය.
ඇයගේ ධෛර්යය හමුවේ මුසපත්ව සිටි නරඹන්නන් නැගූ සතුටු ඝෝෂාවෙන් ප‍්‍රදේශය ගිගුම් දුන්නේය.
හයිවොන් ගේ නොපසුබට උත්සාහයට ගෞරව කරනු වස් ඇයට තරගයේ දෙවැනි ස්ථානයට හිමි ත්‍යාග මුදල ලබාදීමට තරග සංවිධායකයෝ තීරණය කළහ.
පසු අවස්ථාවක මාධ්‍ය වෙත අදහස් දැක්වූ හයිවොන් තමන් තරගය අවසාන කළේ කෙසේදැයි තමන්ම නොදන්නා බව පැවසුවාය.
‘මා දන්නේ නැහැ මම කොහොමද ඒක කළේ කියලා.නරඹන්නෝ තමයි මා දිරිමත් කළේ.මම ඔවුන්ට ණය ගැතියි’ ඇය කීවාය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරිය ඇති කෙල්ලෙක්. එයාට තව තවත් මේ වගේ තරඟ දිනන්න හැකියාව ලැබේවා! මගේ සුබ පැතුම්! (නි)
කමෝන් කමෝන්!! ඔබට සුබ පැතුම්! (නි)
ඇත්තටම හරිම සංවේදී සිදුවීමක්.පත්තරයෙන් මේ සිද්ධිය කියවපු හා ඒ ඡායාරූප බලපු මට දෑසට කදුළු ආවා.ඒ අවස්ථාවේ ඒ සිද්ධිය අත්දුටු ප්‍රේක්ෂකාගාරයේ සිටි නරඹන අයට දැනුන හැඟීම මට සිතාගත හැකියි. ඒ ධෛර්ය ඇයගේ මුළු ජීවිතයම එළිය කරාවි.... (නි)
තරඟය අවසන් කල විදිය හරිම ප්‍රශංසනීයයි (නදී)
අපේ රටේ ඡන්දෙන් පැරැදුණූ අයට මෙය හොද පාඩමක් කරගන්න පුළුවන් (දිල්)