සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් හඬ නැගීම තමන් සතු වගකීමක් ලෙස දැනෙන බව එක්සත් ජාතීන්ගේ 26 දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉකුත් දා පැවැසීය.
දේශගුණික විපර්යාස මුළු මහත් ලෝකයටම තර්ජනයක් යැයි ද විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවලට එය විශාල තර්ජනයක් යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.
එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් හඬ නැගීමට තමන් සතුව වගකීමක් ඇතැයි සිතෙන බව ද කීය.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නුවර දී ඉකුත් සතියේ ආරම්භ විය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙවර සමුළුව ඇමතුවේ හින්දි භාෂාවෙනි.
පරිසරය ආරක්ෂා කිරීම සඳහා ලෝකයට දැනට විශාල යමක් කළ යුතු යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුව අමතමින් අවධාරණය කළේ ය.
“මේක තමයි මේ මොහොතේ අවශ්‍යතාව. ඒ වගේම මේ සමුළුවේ අවශ්‍යතාව ඉදිරියේදී ඔප්පු වේවි” ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙවර සමුළුවේදී දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ඉන්දියාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කරන ලදි.
“ලෝකය බේරා ගැනීමට අපි ශක්තිමත් සහ විශාල පියවර ගන්න අවශ්‍ය යි. මේ මොහොතේ අවශ්‍යතාව එයයි. ඉදිරියේදී මේ සමුළුවේ වැදගත්කම සහ අදාළත්වය සනාථ වේවි. මේ සමුළුවේදී ගන්නා තීන්දු තීරණ අපේ අනාගත පරම්පරා ආරක්ෂා කරාවි යැයි මම බලාපොරොත්තු තබනවා” යැයි ඉන්දීය අගමැතිවරයා කීවේ ය.
දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී එක් වචනයක් කේන්ද්‍ර කරගත් ව්‍යාපාරයක් නිර්මාණය කළ යුතු යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යෝජනා කළේය.
“එක් වචනයක ව්‍යාපාරයක් මා යෝජනා කරනවා. දේශගුණික විපර්යාසවලට අදාළ එක් ක්‍රියාවලියක්. එක් වචනයක්. එක වචනයක් ලෝකයට මූලික පදනම දමාවි. එය ප්‍රශ්නය විසඳීමට උපකාරී වේවි. ජීවිතය එම වචනය ලෙස මා යෝජනා කරනවා. (LIFE - L.I.F. E – Lifestyle for Environment) පරිසරය සඳහා වූ ජීවන රටාවක්” ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.
ඒ.එන්.අයි.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හඬ නැගීම තමන් සතු වගකීමක්