තලේබාන් සහ අල් කයිඩා සටන්කාමී සංවිධානවලට සහාය පළ කරන හක්කානී ඉස්ලාමීය සටන්කාමී සංවිධානයේ නායකයන් දෙදෙනකු සොයා මරා දැමීමට තමන්ට හැකිවූ බව නේටෝව පවසයි.
එම හක්කානී නායකයන් දෙදෙනා මරා දමා ඇත්තේ නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ පක්ටියා නමැති පළාතේ සැඟවී සිටිද්දීය. ඊට අමතරව තවත් සටන්කාමීන් 16 දෙනෙක් ද නේටෝ හමුදාව එල්ල කළ ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූහ.
මරා දැමුණේ මුලාවී ෂහීබ් සහ වසාරී නමැති නායකයන් දෙදෙනාය. ඇෆ්ගනිස්තානයේදී ඇමෙරිකා හමුදාව ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාර සැලැසුම් කර ඇත්තේ මොවුන් දෙදෙනා යැයි හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.