යුක්රේන ජාතික ඇලෙක්සැන්ඩර් පයිලෙන්ස්කෝට ඔහුගේ සතුන් වත්තක් ඇත.සතුන් වත්තේ
ප්‍රධාන ආකර්ෂණය සිංහයෝය.යුක්රේන ජාතිකයන් අතර මේ සතුන් වත්ත බෙහෙවින් ජනප්‍රියය.
ඇලෙක්සැන්ඩර් සැරැුසෙන්නේ සිංහ ධේනුවන් සමග වසරක කාලයක් එකට වාසය කිරීමටයි.මේ වසරේ කාලය සිංහ ධේනුවන් සමග එකම කූඩුවකට වී ගත කිරීමට හා සතුන් තම නිවසට ‘‘කැන්දාගෙන’’ ගොස් වාසය කිරීමට ලෙස බෙදිීමට ඇලෙක්සැන්ඩර් සැළැසුම් කර ඇත.සිය විවේක කාලයේදී සිංහයන් ගැන පොතක් ලිවීමටද තමන් බලාපොරොත්තු වන බව ඇලෙක්සැන්ඩර් පවසයි.
ඇලෙක්සැන්ඩර් කියනුයේ සිංහයන් යනු බිය වීමට තරම් සතුන් පිරිසක් නොවන බවයි.මින් පෙර අවස්ථාවකදී හෙතෙම දින 25 සිංහයන් දෙදෙනෙකු සිටි කූඩුවක දින 35 ක් ගතකර වාරතාවක්ද තැබීය.එම කාලයේ මුන්ල්ලේ ඔහු නිදාගත්තේ ආහාර අනුභව කළේ සිය බිහිසුණු සිව්පා සගයන් දෙදෙන සමග වන අතර දින 35 අවසානයේ සීරිමක්වත් නැතිව කූඩුවෙන් පිටතට පැමිණිීමට ඔහු සමත් විය.
මෙවර ඇලෙක්සැන්ඩර් තම පරණ වාර්තාව බිද දැමිීමට අපේක්ෂා කරයි.සිංහයන් වෙනුවෙන් පුනරුත්ථාපන කදවුරක් යුක්රේනයේ ඉදිකිරීමට මෙයින් තමන්ට ලැබෙන මුදල් ආධාර යොදා ගැනීම තම අරමුණ බව ඇලෙක්සැන්ඩර් කියයි.
කෝ.වී

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ඉතිහාස කතාව අනුව සුප්පාදේවිය තියපු වාර්තාව කඩන්න බැරි වෙයි (ස)
ඇයි අපිත් අවුරුදු 30ක් කොටි එක්ක ජීවත් වුණේ. (නි)
ඕකත් මානසික රෝගයක්.පිටරටවල ජිවත්වෙන වැඩි හරියක් ජීවත් වෙන්නේ සහ සම්බන්ධතා නැතුව. තනියම ජීවත්වෙන විට අසාමාන්‍ය සිතුවිලි පහළ වෙනවා. ඕවා දැකලා අනික් රටවල අසහනකාරී අයත් කරනවා. මොකක්ද ඇති පලේ? ඔය කාලය රට වෙනුවෙන් වැඩදායක වැඩකට යෙදෙවුවා නම් මොකද? (නි)
එහෙවත් සිංහයෝ ඉතුරු වෙයි එහෙනම්. (නි)
සිංහ පැටියෙක් දැක බලා ගන්න වාසනාව ලැබෙයි ලඟදිම (ස)
ඒකත් කරලා බලමුකෝ (දී)
නියමයි නසාර්. (නි)
මේ මනුස්සයාට මොකද මේ වෙලා තියෙන්නේ (දී)
සිංහබාහු කතාව මතක් උනා (දී)
ලංකාවට ඇවිත් අපිත් එක්ක ජීවත්වෙන්න කියන්න. අපිත් සිංහයෝ තමයි. ඔට්ටුයි දවස් පහක් ඉන්න බැහැ.(නදී)
සමන්තගේ කතාව 100%ක් හරි. (නි)