ඇමෙරිකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් වුවත් කිසිම අවස්ථාවක ඇමෙරිකාවට ගැති නොවන බව ඉරාන ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය ලැබූ මධ්‍යස්ථමතධාරී හසන් රොහානි අවධාරණය කරයි.
පරිණත දේශපලනඥයකු, විද්වතකු මෙන්ම ආගමික නායකයකු ද වන රොහානි, මැතිවරණයට පෙර සිටිම ජනතාවට පොරොන්දුවක් ලබා දී සිටියේ ‘වෙනසක්’ ඇති කිරීමට තමන් ඇපකැප වී කටයුතු කරන බවය.
විරැුකියාවට සහ ආර්ථික ගැටලූවලට පිළියම් ලබා දෙන බවට ද ඔහු පොරොන්දු වී තිබුණි. එපමණක් නොව, ඇමෙරිකාව සහ සෙසු බටහිර රටවල් සමඟ වඩාත් සමීප වී කටයුතු කිරීමට සූදානම් යැයි ද රොහානි පවසා ඇත.
ඉරානය, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල උදහසට ලක් වී ඇත්තේ න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙනි.
ඇමෙරිකාව පවසන්නේ ඉරානය එම න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී පරමාණු බෝම්බ නිපදවන බවය.
එමනිසා ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ඉරානයට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇත.
1979 වසරේ ඉරාන විප්ලවයෙන් පසු, වසර 34 ක් තිස්සේ ඉරානයත් ඇමෙරිකාවත් අතර පවතින්නේ විරසකයකි.
ඔබාමා පරිපාලනය රොහානිට සුබ පතමින් පවසා ඇත්තේ ඉරාක ඇමෙරිකා සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසා ඇතැයි ද වාර්තා වේ.