ඇමරිකාවේ වර්ජිනියාහි පදිංචි ඈෂ්ලි ගුයින්ඩොන් පොළිස් කාන්තාවක් ලෙස දිවුරුම් දී සේවයට ගිය පළමු දිනයේම වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්ථා කරයි. තවත් පොළිස් නිළධාරීන් දෙදෙනකුටද වෙඩි වැදී ඇති බව වාර්ථා වේ.

නිවසක ආරවුලක් හේතුවෙන් ලැබුන දුරකථන ඇමතුමකට එහි ගිය නිළධාරීන්ට මෙසේ වෙඩි තබා ඇත. හමුදා නිළධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් ප්‍රාන්ත පොළීසිය පවසයි. සැකකරු නිවස තුළදී තම බිරිය මරා දමා තිබූ බවද පොළීසිය පවසයි.