IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සේවයට පැමිණි පළමු දිනයේම වෙඩි කා නසී

ඇමරිකාවේ වර්ජිනියාහි පදිංචි ඈෂ්ලි ගුයින්ඩොන් පොළිස් කාන්තාවක් ලෙස දිවුරුම් දී සේවයට ගිය පළමු දිනයේම වෙඩි ප්‍රහාරයකට ලක්වී මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්ථා කරයි. තවත් පොළිස් නිළධාරීන් දෙදෙනකුටද වෙඩි වැදී ඇති බව වාර්ථා වේ.

නිවසක ආරවුලක් හේතුවෙන් ලැබුන දුරකථන ඇමතුමකට එහි ගිය නිළධාරීන්ට මෙසේ වෙඩි තබා ඇත. හමුදා නිළධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් ප්‍රාන්ත පොළීසිය පවසයි. සැකකරු නිවස තුළදී තම බිරිය මරා දමා තිබූ බවද පොළීසිය පවසයි.



අදහස් (0)

සේවයට පැමිණි පළමු දිනයේම වෙඩි කා නසී

මොරිස් Monday, 29 February 2016 11:17 PM

ඔය මොනවා කිව්වත් ප්‍රතිකාර නැතුව මෙහෙ මැරෙන ගණනෙන් 1% ක් වත් ඇමරිකාවේ මැරෙන්නේ නැහැ. ලෝකයේ දියුණු රටවල් අතර අපරාද අතින් ඇමෙරිකාව ඉදිරියෙන් හිටියත් අපරාද, දේශපාලන අපරාද පාතාල අපරාද අතින් නම් අපිව පරදවන්න එයාලට බැහැ. අහල බලන්න අර ජනප්‍රිය ඇමරිකානු පුරවැසියෝ දෙන්නගෙන්.(කෞ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 February 2016 03:17 PM

එච්චර ගණන් ගතයුතු නැහැ මේ ඇමරිකන් ක්‍රමය (නි)

:       0       0

චතුරි Sunday, 28 February 2016 03:18 PM

ඔබට අනිවාර්යයෙන් වන්දි මුදලක් ලැබෙනවා. ඒකයි ඇමරිකානු නීතිය (නි)

:       0       0

විදානේ Sunday, 28 February 2016 03:59 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

තශිරා අබේගුනවර්දන Sunday, 28 February 2016 10:29 AM

ඇමරිකාවේදී මඟතොටක හෝ පාසලකදී හෝ මහජනයා ගැවසෙන තැනක වෙඩි කා මැරුම් කනවා කියන්නේ, අපේ රටේ මහමඟ රිය අනතුරකින් මියයන තරමට සාමාන්‍ය දෙයක් (නි)

:       0       0

මගලි ෆොන්සේකා Monday, 29 February 2016 09:49 AM

ප්‍රතිකාර මුදලට ගත යුතුය ඔව් එත් රක්ෂණ ක්‍රමයක් තියෙනවා. රක්ෂණ ආවරණයක් ගත්තාම හරි. ගොඩක් අය අරගෙන තියෙන්නේ ඇමෙරිකාවේ. හිමාල් කියනවා වගේ ඔය රටවලට බනින්න අයට විසා දෙනවා කීවොත් දේශපාලුවෝ හැර අනික අය සේරම යනවා. (ර)

:       0       0

මිලානෝ Monday, 29 February 2016 10:25 AM

ඇමරිකාවේ ලෙඩ්ඩු මළත් ගාස්තුව ගෙවන්න බැරිනම් අැතුලටවත් ගන්නේ නැහැ නමුත් ඇමරිකන් කාරයෙක් ලංකාවේදී හීනෙන් බයවෙලා ඉස්පිරිතාලෙකට ගියත් නොමිලේ බෙහෙත් දෙනවා. (බ)

:       0       0

හිමාල් Monday, 29 February 2016 06:42 AM

ප්‍රතිකාර මුදලට ගත යුතුය. ඒත් වෛද්‍යවරු ලෙඩ්ඩු මළත් කාර් පර්මිට් වෙනුවෙන් වර්ජන නොකරති. ඇමරිකාවට බනින සමහරු එහේ පුරවැසි බව ලැබෙනවා නම් එක පයින් කැමති වෙති.(අ)

:       0       0

මෂුඩ් Monday, 29 February 2016 04:36 PM

අහිංසක කාන්තාව ගැන කතා නොකර පුද්ගලික වාසි ගැන කතා කිරීම අපේ දුර්වල කම පෙන්වීමක් (බ)

:       0       0

ප්‍රභාත් Wednesday, 02 March 2016 04:23 AM

අනේ තවමත් ඇමෙරිකාවට ගොට්ට අල්ලනවද (බ)

:       0       0

තිලක් Sunday, 28 February 2016 11:03 PM

ඇමරිකාවේද මේ හපොයි (අ)

:       0       0

විජිත් Monday, 29 February 2016 02:09 AM

ඇමෙරිකාව ගැන අපට ජාත්‍යන්තර වශයෙන් දැනගන්නට ලැබෙන්නේ ඉතාමත්ම අවම මිනීමැරුම් ප්‍රමාණයකි. එහෙත් ඒ රටේ පළවන ප්‍රාදේශීය පුවත්පතක් අරගෙන බලන්න.මරණ දැන්වීම් වැලක් වගේ.ඒ තමයි ඇමෙරිකාව. (නි)

:       0       0

තල්දුවේ සෝම හිමි Monday, 29 February 2016 06:05 PM

ජීවිතය අනිත්‍යයි, මරණය නියතයි. එය කෙසේ හෝ කොහේ අප නොදැනම සිදුවනවා. මෙම කාන්තාවටත් පෙර කළ අකුසල් කර්මයක් පල දීලා. ඔබට මතු උපදින ආත්මයන්හි මෙවන් අකල් මරණයක් නොවේවායි පතමි! (නි)

:       0       0

මිලානෝ Sunday, 28 February 2016 01:09 PM

ඇමරිකාව ලොව ඇති අති බිහිසුණුම රටය. නොමිලේ වෙඩි ලැබුනත් ඒවාට ප්‍රතිකාර ගැනීමට ගෙවිය යුතුය. (නි)

:       0       0

නාමල් - නිව්යෝර්ක් Monday, 29 February 2016 07:47 AM

විජිත කවදාවත් ඇමරිකාවට ගිහින් තියෙනවාද? ඇමරිකාව කියන්නේ ජනගහණයට සාපේක්ෂව ලංකාවටත් වඩා අවම මිනීමැරුම් ඇති රටක්. (නි)

:       0       0

රොකී‍ Monday, 29 February 2016 03:07 AM

බමුණු ආරච්චි කියන්නේ මිනිහෙක්ද, එහෙම නැත්නම් ද්වේශයෙන් වෛරයෙන් පසුවන මළගිය පරාණකාරයෙක්ද කියලා සැක හිතෙනවා. ඕක ඇමරිකන් ක්‍රමය නෙමෙයි උන්නැහේ. පහුගිය ආණ්ඩු කාලේ ලංකාවේ තිබුන ක්‍රමය! (නි)

:       0       0

මොහාන් Monday, 29 February 2016 03:16 AM

රොකී‍, දැන් ආණ්ඩුවෙ තත්වයත් ඕකම තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1488 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1329 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site