සිරියා හමුදා ඉකුත් සිකුරාදා (22) තුර්කියට අයත් ප‍්‍රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළීමත් සමඟ සිරියාවත් තුර්කියත් අතර හටගෙන ඇති අර්බුදය සාමකාමීව විසඳා ගන්නැයි ඉරානය දෙරටේම රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි. සිරියා රජය පවසන්නේ තුර්කි යානය සිරියා මුහුදු දේශසීමාවට අනවසරයෙන් ඇතුළු වී ඉතා පහළින් පියාසර කිරීම නිසා ඊට වෙඩි තැබූ බවය. එහෙත් තුර්කිය පවසන්නේ තම ගුවන් යානය සිරියා ගුවන් සීමාවට ඇතුළු නොවුණු බවය. යානය බිම හෙළීම සම්බන්ධයෙන් සිරියා රජයට දොස් පවරන තුර්කිය පවසා ඇත්තේ සිරියා රජයේ එම කි‍්‍රයා කලාපය කිසිසේත් අනුමත කළ හැකි දෙයක් නොවන බවය. තුර්කි අගමැති රිසෙප් එර්ඩගෝන් ඊයේ (24) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තම ජෙට් යානය සිරියා ගුවන් කලාපයට ඇතුළු නොවූ බවත් එය පියාසර කරමින් තිබුණේ ජාත්‍යන්තර ගුවන් කලාපයට අයත් ගුවන් සිමාවේ බවත්ය. වෙඩි තැබීමට විරෝධය පළ කරමින් සිරියා රජයට එරෙහිව දැඩි කි‍්‍රයා මාර්ග අනුගමනය කරන බව තුර්කිය පවසයි. එම ‘දැඩි කි‍්‍රයා මාර්ග’ මොනවාදැයි තුර්කි අගමැතිවරයා හෙළි කර නැත. කෙසේ නමුත් මධ්‍යධරණී මුහුදට කඩා වැටුණු ප‍්‍රහාරක ජෙට් යානයේ සිටි නියමුවන් දෙදෙනා සෙවීමට තුර්කි නාවික හමුදාවත් සිරියා හමුදාවත් එක් වී කටයුතු කරන බව ද වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
272
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
406
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිරියා-තුර්කි මතභේද සාමකාමීව විසඳාගන්න : ඉරානයෙන් ඉල්ලීමක්