ඩමැස්කස් අගනුවරට උතුරින් පිහිටි සිරියාවේ විශාලතම ජල විදුලි බලාගාරය සහ වේල්ල අල්ලා ගැනීමට සිරියානු කැරැලිකරුවෝ ඊයේ (12) සමත් වූහ.
බලාගාරය අල්ලා ගැනීමට කැරැලිකරුවන් සමත් වූයේ එහි ආරක්ෂාවට සිටි සිරියානු හමුදා සෙබෙළුන් සමඟ පැය කිහිපයක් සටන් කිරීමෙන් පසුවය.
විදුලි බලාගාරය අල්ලා ගැනීමට හැකිවීම, කැරැලිකරුවන් ලැබූ විශාල ජයග‍්‍රහණයක් යැයි කැරැලිකරුවන්ට සහාය පළ කරන සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසයි.
මේ අතර සිරියාවේ ඩමැස්කස් අගනුවර දක්වා දිවෙන ප‍්‍රධාන අධිවේගී මාර්ගය සහ ගුවන්තොටුපොළක් අල්ලා ගැනීමටද කැරැලිකරුවෝ සමත් වූහ.
සිරියානු අර්බුදය දිනෙන් දින උත්සන්න වෙයි. සිරියාවේ හටගෙන ඇති සිවිල් යුද්ධය හේතුවෙන් 68,000 කට වැඩි පිරිසක් ජීවත්ක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
සිරියානු අර්බුදය විසඳීමට තවමත් හැකියාවක් ලැබී නැත්තේ, ලෝකයේ රටවල් බල කඳවුරු දෙකකට බෙදී සිටීමය.
පසුගිය සතියේ ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැති ඉස්ලාමීය සහයෝගිතා සමුළුවේදී ඊට සහභාගී වූ මුස්ලිම් රටවල රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු වූයේ සිරියානු අර්බුදය විසඳීම කෙරෙහිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැම අවුරුද්දෙම ඡන්දය තිබිලත් මෙතුමා කොහොමද මෙහෙම ඉන්නේ? (නි)
ඉතින් මේචචර මිනිස්සු අකමැති නම් ඇයි අයින් නොවෙන්නේ? (නි)
කැරලිකාරයින්ට ආයුධ දෙන්නෙ ඇමරිකාවද? (නි)
අපිටත් ආයුධ දෙන්නේ මෙයාලමද දන්නෙ නැහැ? (නි)
ඇමරිකාව හා බටහිර රටවල් ආක්‍රමනය කරන වැඩ මෙවිවා.(නදී)
මේ ජනාධ්පතිට ආයුද දෙන්නේ රුසියාවද.(නදී)
ඔක්කොම කරන්නේ බල තන්හාවටනේ.... (ස)