සිරියාවේ මධ්‍යධරණී මුහුද ආසන්නයේ ජනපති අසාද්ගේ රජයේ වැදගත් ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ලවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයින් 78 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඒ අතර කාර් බෝම්බයක් ද මරාගෙන මැරෙන ප්‍රහාරද වූ බව කියති.

බස් නැවතුම්පළක්, ටාර්ටස් හා ජබ්ලා වරාය නගර ද, උතුරු නගරයක් ද ප්‍රහාරවල ඉලක්ක වී ඇත. අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ජිහාඩ් කණ්ඩායමක් ප්‍රහාරය පිටුපස ඇතැයි එරට පුවත් ඒජන්සි පවසයි.