සිරියාවේ මන්බිජ් නගරයේ සිදුවූ මරාගෙ මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇමරිකානු සෙබලුන් තිදෙනකු ඇතුළු 18දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර සිරියානු ආරක්ෂක අංශයේ දෙදෙනකු සහ සාමාන්‍ය වැසියන් 13 දෙනකු සිටින බව පොලිසිය පවසයි.
මන්බිජ් නගරයේ අවන්හලක් ආසන්නයේ පිපිරීම සිදුව ඇත. මෙම අවස්ථාවේ අවන්හල තුළ ඇමරිකානු භට පිරිස් හා සිරියානු ආරක්ෂක අංශය අතර සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබුණු බව සඳහන් වේ.
ඇමරිකානු ආරක්ෂක අංශ පවසන්නේ ප්‍රහාරයේ වගකීම අයි එස් සංවිධානය විසින් බාරගෙන ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd