අයිඑස් කැරළි කරුවන්ගේ ග්‍රහනයේ පවතින සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ නගරයක් වන ඩෙයර් අල්-සොවර් වෙත ගුවනින් ගෙනයන ලද ප්‍රථම ආධාර තොගය හෙලූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එක්සත් ජාතීන්ගේ ආධාර අංශ ප්‍රධානී ස්ටෙෆන් ඕ බ්‍රියෙන් පවසා ඇත්තේ ගුවන් යානය මගින් මානුෂීය ආධාර ටොන් 21ක් සාර්ථක ලෙස ඉලක්ක ප්‍රදේශ වෙත ලබා දීමට හැකි වූ බවයි.
මෙම ප්‍රදේශය තුළ ලක්ෂ දෙකක පමණ ජනතාවක් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය නොමැතිව කොටුවී සිටින බව වාර්ථා වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන් තව දුරටත් පවසා ඇත්තේ මන්දපෝෂණ තත්වයන්ගෙන් පෙළෙන සමහර මිනිසුන් කුසගින්නේ මියයන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd