සෝල්හිදීය (රොයිටර්)
කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සම්බන්ධයෙන් උතුරු හා දකුණු කොරියා නිලධාරීන් අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් හෙට (16) පැවැත්වීමට නියමිත යැයි දකුණු කොරියාව අද (15) නිවේදනය කළේය.
දෙරට අතර තිබෙන යුදමය වාතාවරණය පසෙකලා සාමය වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා මෙම ඉහළ පෙළේ සාකච්ඡාව පැවැත්වෙන බව උතුරු කොරියාව සමඟ සබඳතා හසුරුවන හා තීන්දු තීරණ ගන්නා දකුණු කොරියාවේ ‘එක්සත් කිරීමේ’ අමාත්‍යාංශය මේ බව නිවේදනය කළේය.
උතුරු හා දකුණු කොරියානු නායකයන් අතර අප්‍රේල් මස 27 වැනිදා පැවැත්වුණු සාකච්ඡාවේදී කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමත් එකඟතාව පලවිය.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd