අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ට පිං අනුමෝදන් කොට මල් පහන් පූජාවක් පැරීසියේ ඵෙතිහාසික රිපබ්ලික් නිදහස් චතුරශ‍්‍රයේ දි  ශ්‍රීලාංකික සිංහල දෙමළ, මුස්ලිම්, ජනතාවගේ සහභාගිත්වයෙන් 11 වෙනි බදාදා සවස සිදුවුයේය.

පැරීසියේ වෙසෙන ශ්‍රීලාංකිකයෝ විශාල ප‍්‍රමාණයක් එක්ව සිටි මෙම පිංකමට පැරීසියේ සමාධි විහාරාධිපති පූජ්‍ය තලංගල්ලේ සුමංගල හිමි, කිරින්දේ ධම්මාලෝක හිමි, ඇමෙරිකාවේ නෙවාඩා බෞද්ධ විහාරවාසී තවලම සරණ හිමි, හිගුරක්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ අධ්‍යාපන අධ්‍යක්ෂක ගිරිතලේ සිරිසුජාත හිමි, උපාධ්‍ය නිමන්ත පීරිස් පියතුමා, මොහොමඞ් නවාස් අබ්දුල් අසීස් මුස්ලිම් පූජක තුමා, ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතා ඇතුළු තානාපති කාර්යය මණ්ඩලය සහභාගීව සිටියහ.

පැරීසියේ ඵෙතිහාසික සුප‍්‍රසිද්ධ ස්ථානයක භික්ෂූණ් වහන්සේ කෙනෙකු වෙනුවෙන් මෙවැනි පිංකමක් පැවැත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.

යහපාලනය උදෙසා පෙරමුණ ගත් ප්‍රථම විදේශීය සංවිධානයවූ පැරිස් එකමුතුව මෙම පිංකම සංවිධානය කළේය.

පැරිස් සමාධි බෞද්ධ විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමියයෝ පැමිණි පිරිස් පංච ශීලයේ පිහිටුවා පිංකම ආරම්භ කළහ.

මුළු මහත් ශ්‍රීලාංකේය ජාතියම සසලව සිටින මේ අතිශය අනුවේදනීය හැඟුම් බර මොහොතේ සෝභිත නාහිමියන්ගේ සියළු ශිෂ්‍ය පුත‍්‍රයින් වහන්සේලාටත් කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථාදායක කාරකාදී පින්වතුන්ටත්, ශ්‍රීලංකා රජයටත්, සමස්ත රටවැසි ශ්‍රීලාංකිකයන්ටත්, සාතිශ්‍යය සංවේගය මෙයින් ප්‍රකාශ කරන බව , ගරු මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ නිවන් දකින්නට පෙර නැවත එක් වරක් හෝ අප මාතෘ භූමියේම ඉපදේවා යනුවෙන් පිං අණුමෝදනා දේශනය ආරම්භ කරමින් ප‍්‍රංශයේ කිරින්දේ ධම්මාලෝක හිමියන් පැවසූහ.

 දෙමළ ජනතාව හා දෙමළ සංවිධාන වෙනුවෙන් සරවනා සුබ‍්‍රමනියම්  මහතාද මුස්ලිම් ප‍්‍රජාව නියෝජනය කරමින් මොහොමඞ් නවාස් අබ්දුල් අසීස් මුස්ලිම් පූජක තුමාද ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති තිලක් රණවිරාජා මහතා හා වෙනත් ශ්‍රීලාංකිකයන්ද කතා පැවැත්වූහ.

සියලූ ජාතීන් එකමුතුව ශ්‍රීලාංකිකයන් ලෙස පැවැත්වූ මෙම පිංකමට සහභාගි වීමට ලැබීම ගැන සතුටු වන බව ප‍්‍රකාශ කළ රණවිරාජා මහතා පැරිස් එකමුතුවට ස්තුති කළේය.

මතක වස්ත‍්‍ර පුජා කිරීම හා පැන් වැඞීම තානාපති තුමා සහ පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි ද අල්විස් මහතා ඇතුළු ප‍්‍රධානීහු සිදුකළහ. පැමිණි පිරිස් පහන් දල්වා මලින් පුදා සෝභිත හිමිපාණන්ට උන්වහන්සේට අවසන් ගෞරවය පුද කළහ.

 

SOBHI-1113-01 SOBHI-1113-02 SOBHI-1113-03 SOBHI-1113-04 SOBHI-1113-05 SOBHI-1113-06 SOBHI-1113-07 SOBHI-1113-08 SOBHI-1113-09 SOBHI-1113-10 SOBHI-1113-11 SOBHI-1113-12