වෙනිසියුලාවේදී අත්අඩංගුවට ගත් ස්පාඤ්ඤ මාධ්‍යවේදීන් තිදෙනා කඩිනමින් නිදහස් කරන්නැයි ස්පාඤ්ඤය අද (31) වෙනිසියුලා බලධාරීන්ගෙන් අවධාරණයෙන් ඉල්ලා සිටියේය.
ස්පාඤ්ඤයේ ඊ.එෆ්.ඊ. පුවත් සේවයේ මාධ්‍යවේදීන් තිදෙනා ඉකුත් දා වෙනිසියුලාවේදී අත්අඩංගුවට පත්විය.
“නීතියේ ආධිපත්‍යයට, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් හා නිදහස හා මාධ්‍ය නිදහස යනාදියට ගරු කරමින් අත්අඩංගුවට පත්ව සිටින ඊ.එෆ්.ඊ. පුවත් සේවයේ මාධ්‍යවේදීන් තිදෙනා සහ ඔවුන්ගේ රියාදුරා කඩිනමින් නිදහස් කරන්නැයි ස්පාඤ්ඤ රජය වෙනිසියුලාවෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd