අග්නිදිග තුර්කියේ පසුගිය සතියේ සිදු වූ ප‍්‍රබල භූමිකම්පාවෙන් දින දෙකකට පසු, එම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටි සති දෙකක් වයසැති බිළිඳිය බේරා ගැනීමට සහන කි‍්‍රයාකාරීහු සමත් වූහ.
නැගෙනහිර එරික්ස් නගරයේ පිහිටි තම නිවෙසේ සුන්බුන් අතර අසාරා කරදුමාන් නමැති කුඩා බිළිඳිය සිරවී සිටියාය. සහන සේවකයින් තම මෙහෙයුම් සිදු කරන අතරතුර සුන්බුන් අතර තම මව් තුරුලේ සැතපී සිටි ඇය බේරා ගන්නට සමත් වූහ. මෙහි අනෙක් පුදුමය නම් ඇයගේ මව වන සෙනිහා සහ හැත්තෑතුන් හැවිරිදි අත්තම්මා වන ගුල්සේඞ් තවමත් සුන්බුන් අතර සිරවී සිටිති. පසුව දැරිවිය අන්කාරා රෝහල වෙත යවනු ලැබීය.
මෙම සිද්ධිය ගැන රොයිටර් වාර්තාකරුවන්ට පැවසුවේ එම නිවස අසලට පැමිණ සිටි බිළිඳියගේ තවත් අත්තම්මා කෙනෙකි. ‘‘ මේ අවස්ථාවේදී දෙවියන්ට ස්තුතිවීම හැර වෙන කුමක් කරන්නදැයි’’ කඳුළු පිරි දෙනෙතින් ඇය කීවාය.
සිරවී සිටින දරුවාගේ මව හා අත්තම්මා බේරා ගැනීමට උපරිම උත්සාහයක් දරන බව සහන සේවා නිලධාරී පිරිස් කියා සිටියෝය. දැරියගේ පියා ගැන මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.
බිළිඳිය බේරා ගත් සහන සේවා කණ්ඩායමේ සමාජිකයා වන කබීර් ඩයිරෙක් එම දරුවා ඔහුගේ දෑත් මත තබාගෙන නළවන ආකාරයෙන් ගිලන් රිය වෙත ගෙන එද්දී, අවට රැස්ව සිටි පිරිස් පී‍්‍රතිඝෝෂා කළහ.
‘බිළිඳිය වඩාගෙන සිටින විට මේ ලෝකසේ සිටින ප‍්‍රීතිමත්ම පුද්ගලයා තමා යැයි හැගෙන බව’ දැරිය බේරාගත් කබීර් පැවසීය.
අස්රා බේරා ගන්නා අවස්ථාවේදී ඇයගේ මව සහන සේවකයාට කියා සිටියේ තම දියණියට තවත් නමක් යොදන ලෙසයි.
ඒ ඉල්ලීම අනුව අස්රාට, අයිසිනර් යන නමද තැබීමට කබීර් තීරණය කළේය. නබිනායක බිරිඳගේ නම සහ ආලෝකය යන වචන එක්කොට එම නව නම සකස් කර තිබේ.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්. (ස)