මුස්ලිම් බැතිමතුන්ගේ උපවාස මාසය බ්‍රහස්පතින්දා18  ඇරඹෙන බව සෞදි පුවත්පත් අනාවරණය කරයි.  නව රාමසාන් සඳ බැලීමත් සමග උදාවන උපවාස මාසය මසක් පුරා පැවැත්වෙන අතර සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපයේ සියලුම රටවල් මේ වනවිට ලහි ලහියේ සුදානම් වන බවක් දැකගන්නට හැකිය.

උපවාස කාලය සැමරීමට සෞදි අරාබිය ආවරණය වන පරිදි සියලුම ප්‍රදේශවල විශාල කුඩාරම් ඉදිකර ඇත්තේ උපවාසය අත හැරීමේ හෝරාවේදී ආහාර පාන ලබා ගැනීම සහ ධර්ම දේශනාවන් සඳහාය.

විශේෂයෙන්ම සෞදි බලධාරීන් පුවත් පත් වලට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනුයේ දෙස් විදෙස් සියලු ජනයා රාමසාන් කාලය තුළ එයට ගරු කරමින් ප්‍රසිද්ධ ස්ථාන වල ආහාරපාන සහ දුම් වැටි දැල්වීමෙන් වැලකී සිටින ලෙසයි. කෙසේ වුවද සන්ධ්‍යා සලා හෝරාවෙන් පසුව ආහාරපාන ගැනීමට බාධාවක් නොමැත.