IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සෞදියේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
 
සෞදි අරාබියේ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි එරට ප්‍රධාන පෙළේ නිලධාරිනියක් ඉකුත් දා ප්‍රකාශ කළාය.

 
රිය පැදවීමට අවසර දීමෙන් හෝ පාපන්දු තරග නැරඹීමට අවස්ථාව දීමෙන් හෝ පමණක් කාන්තාවෙන් ගැටලු නොවිසදෙන බව කී ඇය කාන්තා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් සෞදි අරාබිය තුළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව කීවාය.
 
“මේවා අපි ලබපු කෙටිකාලීන් ජයග්‍රහණ. අපි දන්නවා ඔවුන්ට කරන්න පුළුවන්. කාන්තාවන් රිය පදවනවා. පාපන්දු තරග නරඹන්න එනවා. ඉතා හොඳයි. හැබැයි රිය පැදවීමෙන් පමණක් කාන්තාවන් මුහුණ දෙන ගැටලු විසදෙන්නේ නැහැ. අප දිනාගත යුතු කාන්තා අයිතිවාසිකම් රැසක් තිබෙනවා” යැයි වොෂින්ටන්හිදි ආත්ලාන්තික් කවුන්සිලය අමතමින් මෙම කරුණු සඳහන් සෞදි අරාබියේ රීමා බින්ත් බන්දාර් අල් සෞද් කුමරියයි. 
 
සෞදි අරාබිය ඛනිජ තෙල්වලින් ලබන ආදායම් අඩු වීමත් සමඟ සෞදි අරාබිය සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. එහි එක් වැඩසටහනක් ලෙසින් සෞදියේ සල්මාන් රජු කාන්තාවන්ට රිය පැදවීමට අවසර ලබා දුන්නේය. 
 
පසුගිය සැප්තැම්බර් මාසයේදී ඒ බව නිවේදනය කෙරුණු අතර මේ වසරේ ජූනි මාසයේ සිට එය ක්‍රියාවට නැංවෙනු ඇත. 
 
සෞදි අරාබිය කාන්තාවන්ට රිය පැදවීමට නොහැකි එකම රට ලෙසින් හැඳින්වෙයි. මේ වසරේ ජනවාරි මාසය තෙක් කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීමට ද අවස්ථාවක් නොතිබිණි. 
 
055



අදහස් (0)

සෞදියේ කාන්තාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site