සුඩානයේ අගනුවර කාට්රොම්හි රජයේ හමුදා විසින් පහරදීම හේතුවෙන් 13 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
අප්‍රේල් මාසයේදී ජනපති ඕමාර් අල් බෂාර් බලයෙන් පහවීමෙන් පසු ඇතිවූ දරුණුතම ප්‍රචණ්ඩ ක්‍රියාව මෙය බව මාධ්‍ය පවසයි.
සිද්ධියෙන් 116දෙනකු තුවාල ලබා ඇති බව වෛද්‍යවරු පවසති.
කාට්රොම්හි පිහිටි ආරක්ෂක අමාත්‍යාංශ ගොඩනැගිල්ල ආසන්නයේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට මොවුන් විරෝධතාවයේ යෙදෙන අතර මේවනවිට ඔවුන් රැඳී සිටි කඳවුර රජයේ හමුදා විසින් සම්පූණයෙන්ම හිස්කර ඇත.
විරෝධතාකරුවන් පවසන්නේ හමුදා පාලකයන් විසින් සමූලඝාතනයක් සිදුකළ බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd