IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


සචින්ට රාජ්‍ය සභාව එපා වේ

ඉන්දියා පාර්ලිමේන්තුවේ උසස් මන්තී‍්‍ර මණ්ඩලය වන රාජ්‍ය සභාවේ විශේෂ සාමාජිකයෙකු ලෙස පිදුම්ලත් සචින් තෙන්දුල්කාර් නියමිත පරිදි පාර්ලිමේන්තු සභාවාර සදහා සහභාගී නොවන්නේයැයි ඔහුට එම අසුන ප‍්‍රදානය කිරීමට යෝජනා කළ මන්තී‍්‍රවරුම චෝදනා කරති.

කි‍්‍රකට් වෙනුවෙන් කළ මෙහෙය හා ඉන්දියාවේ නම ලෝකය වෙත ගෙනයාමට ඔහු දැක්වූ දායකත්වය අරබයා මෙම ස්වාධීන මන්තී‍්‍ර අසුන සචින්ට ප‍්‍රදානය කෙරුණේ 2012 වසරේදීය.එවක ඔහු කි‍්‍රකට් වලින් විශ‍්‍රාම ගෙන නොතිබුණි.

ඉතා ගෞරවයෙන් මෙම අසුන පිළිගන්නා බව පැවසූ සචින් සමග ඡායාරූප ගැනීමට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු එදා පොර කෑහ.

අද ඔවුන් සචින් පාර්ලිමෙන්තු සභාවාර සදහා සහභාගී නොවන්නේයැයිද ඔහු ඉන්දියා පාර්ලිමෙන්තුව,ඉන්දියා ව්‍යවස්ථාව හෑල්ලූවට ලක්කර ඇතැයිද චෝදනා නගමින් සිටිති.

ඉන්දියාවේ කී‍්‍රඩා හා කලා ක්ෂේත‍්‍රයන්ගෙන් පාර්ලිමේන්තුවට තෝරාගත් සුවිශේෂී පුද්ගලයින් 12 දෙනාගෙන් සචින් එක් අයෙකි.

සචින් පාර්ලිමෙන්තු සභාවාර සදහා සහභාගීවී නැතැයි අනාවරණයවූයේ සමීක්ෂණ සමාගමක් ඉන්දියා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ පාර්ලිමේන්තු සභාවාර වලට පැමිණීම සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකදීය.එයට අනුව ඔහු අසුනින් පිදුම් ලත්දා පටන් පාර්ලිමෙන්තුවට පැමිණ ඇත්තේ අවස්ථා 3 කදී පමණක් යැයිද මෙම වසරේ මේ දක්වා ඔහු එකදු පාර්ලිමේන්තු සභාවාරයක් සදහාවත් සහභාගීවී නොවී ඇතැයිද හෙළි විණි.

සමික්ෂණ වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ පැමිණීමේ සාමාන්‍යය සියයට 77 ක් වෙද්දී සචින්ගේ පැමිණීමේ සාමාන්‍යය සියයට 3 කි.

එක දිගට සභාවාරයන් 60 කට සහභාගී නොවුවහොත් ඉන්දියා ව්‍යවස්ථාවට අනුව අසුන අහිමිවීමේ අවධානමක් තිබෙන අතර සචින් තවමත් ඒ ආසන්නයට පැමිණ නොමැති බව සඳහන්ය.

මේ ආකාරයටම බොලිවුඩයේ සුපිරි නිළියක් වන රේඛා ටද විශේෂ අසුනක් පිරිනැමි තිබෙන අතර ඇයද සභාවාර සදහා සහභාගී නොවන බව පවසමින් ඇයටද චෝදනා නැගීමට ඉන්දියා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු කටයුතු කරමින් සිටිති.

මේ දිනවල සචින් ඉතා කාර්යබහුල බව ඔහුගේ කළමණාකරු මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙන අතර ඉක්මනින්ම නැගෙන චෝදනා වලට පිළිතුරු සැපයීමටද, වරද නිවැරදි කිරීමටද සචින් කටයුතු කරනු ඇතැයි ඔහු කියා ඇත.



අදහස් (0)

සචින්ට රාජ්‍ය සභාව එපා වේ

නන්ද Tuesday, 12 August 2014 05:15 AM

ගාමිණී සිරිවර්ධන, ඔයා නම් හොඳ කතාවක් තමයි කියලා තියෙන්නේ (නි)

:       0       0

සඳරු Tuesday, 12 August 2014 07:41 AM

සචින් ලංකාවේ රාජ්‍යය සභාවේ වාඩිවුණා නම් ඔය විදියට එයිද? (නි)

:       0       0

ගාමිණී සිරිවර්ධන Monday, 11 August 2014 03:40 AM

සචින්ට වඩා කාර්ය බහුල අය අපේ රටේ ඉන්නේ. ව්‍යාපෘති ,කොන්ත්‍රාත් ,වැලි ගොඩ දැමීම,ගස් කැපීම,අලි ඇල්ලීම,මැණික් කර්මාන්තය, නිධන් වස්තු සමීක්ෂනය. මත් ද්‍රව්‍ය ,ගුරු දඬුවම්,දිස්ත්‍රික්කයේ සංවර්ධනය, පවුලේ අනාගතය, යාන වාහන, විදේශ සංචාර, මේ මොනවා කලත් රාජ්‍ය සභාවේ සහභාගිත්වය.100%.යි. (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 12 August 2014 08:37 AM

මට නම් මේකේ ඇති වැදගත් කමක් නැහැ දැන ගැනීම පිණිස ඇරෙන්න. (නදී)

:       0       0

රණතුංග Tuesday, 12 August 2014 09:17 AM

සචින් බලෙන් ඉල්ලගත්තු එකක් නෙවෙයිනේ මේ තනතුර. මිනිහට හිතෙන්න ඇති, මේ මොන මරාලයක්ද කියලා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30714 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12718 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10920 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 812 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 245 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 892 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site