සංක්‍රමණිකයන්ගේ ප්‍රශ්නය තව තවත් වර්ධනය වීමත් සමග එය අධෛර්යමත් කිරිමේ අපේක්සාවෙන් ඩෙන්මාර්කය නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පනත සම්මත වුවහොත් ඩෙන්මාර්කයට ඇතුලුවන සංක්‍රමණිකයන්ට සිය පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමට වසර තුනක කාලයක් බලා සිටීමට සිදුවෙයි. එමෙන් ම ඔවුන් සතු මුදල්, අභරණ හා වෙනත් වටිනා දේ දේශසීමා ආරක්ෂකයන්ගේ භාරයට පත්කිරීමට ද සිදුවනු ඇත. එමෙන් ම සංක්‍රමණිකයන් සන්තකයේ තබා ගැනීමට හැකි දේපල වටිනාකම ද ඩොලර් 1500 ක සීමාවට යටත් කිරීමට පනතින් බලාපොරොත්තුවන අතර වටිනා මංගල මුදු වැනි දේ එම සීමාවට ඇතුලත් නොවන බව ද දැක්වේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික අද්රියන් එඩ්වඩ්ස් පවසන්නේ මේ පනත සංක්‍රමණිකයන්ගේ පැත්තෙන් බැලූ විට බලවත් අසාධාරණ බවයි.
නව පනත ඩෙන්මාර්ක පාර්ලිමේන්තුවේ දී සම්මත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ කියති.
COMMENTS