ඇමෙරිකාවේ වර්ජිනියා නුවරදී පැවැති ජාත්‍යාන්තර පොලිස් ක්‍රිඩා උළෙල දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව රන් පදක්කමක් සමග පදක්කම් 2ක් දිනා ගැනීමට සමත්විය. පොලිස් විශේෂ සේවා කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂක සනත් උදයන්ත තුන්පිම්ම තරගයෙන් රන් පදක්මක දිනා ගත්තේය. රග්බි කණ්ඩායම සිය ප්‍රතිවාදී කණ්ඩායම වූ ඇමරිදකා එක්සත් ජනපද කණ්ඩායම පරදවා ලෝකඩ පදක්කම දිනා ගත්තේය. රටවල් 70වක සහභාගීත්වයෙන් ජූනි 26 සිට ජූලි 5 වැනි දා තෙක් මෙම ක්‍රීඩා උළෙල පැවැත්විණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයන්ට "කල නොහැක්කක් නොමැත" අවාසනාවකට අපි වැටිලා,අපිට බෑ, අපි පොඩි රටක්, දුප්පත්, අල්ලපු රට ලොකු අයියා අපි හොටු පෙරාගෙන ඉන්න චුටි මල්ලි,අපි නොදියුණු රටක් වගේ දේවල් අනුන් අපිට උපක්‍රමිකව දානකොට අපි ගෙඩි පිටින් ඒවා විශ්වාස කරලා මානසිකව වැටෙනවා. මේ වරද නිවැරදි කරගත්තොත් අපි දැවැන්ත රටක්. අපිට බෑ, අපිට නෑ කියන මන්තරය රටේ ජනතාවගේ ඔලොවෙන් ඉවත්කර සියලු දෙනාටම ආත්ම විශ්වාසයක් ඇතිකළ හැකි මාධ්‍ය සංස්කෘතියක් ඇති කලොත් අපේ රට ඉතා ඉහලට ගමන්කරනු ඇත. එහෙත් දේශපාලන අවශ්‍යතා මත නිතර ඇහෙන්නේ රිනාත්මක දේවල් මිස ධනාත්මක දේවල් නොවේ. මෙය හැම විටම විපක්ෂයේ සිටින දේශපාලකයන් විසින් තම පාක්ෂිකයන් මනසට අතුලුකරයි, පක්ෂය කුමක් වුවද රටේ භාගයක් සැම විටම රිනාත්මකව සියල්ල දෙස බලයි.මෙය ඉතා හානිකරය.(අ)
කට්ටියම නැවත ශ්‍රීලංකාවට නොඑන බැවි අරංචියි. ඔහොම ඉන්න (නදී)
අපේ පොලිසිය දක්ෂයි (නි)
අමතක කරන්න එපා මේ අපේ පොලිසිය කියා (නදී)
අපේ පොලිසිය දක්ෂයි. නමුත් දේශපාලුවන්ට කත් අදින ලොකු පුටුවල දීනයෝ තමයි ප්‍රස්නය (නදී)
මෙහි සඳහන් රන් පදක්කම පොලිස් ඉතිහාසයේ ලංකාව වෙනුවෙන් එක්සත් ජනපදයේ ක්‍රීඩා උළෙලකදී ගත් පළමු රන් පදක්කම ලෙසත් ආරන්ච්යි. මෙම ප්‍රවෘත්තිය ලංකාදීප මගින් පමණයි ප්‍රචාරය උනේ. රට වෙනුවෙන් මීට වඩා අගය කිරීමක් ක්‍රීඩකයන් වෙනුවෙන් අවශ්‍යයි. (ර)
රට දිදුළුවන ඔබට හදපිරි සුභපැතුම් (අ)
විශිෂ්ටයි. (අ)
පට්ට! කියල වැඩක් නෑ. ඇමරිකවට ගිහින් උන්ටම පාඩමක් උගන්නලා ඇවල්ලා. (නදී)