වසර 60 කට පසු ලිබියාවේ පාර්ලිමේන්තු මැතිවරණය පෙරේදා (7) පැවැත්විණි.
මැතිවරණය පැවැත් වූයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සහ විරෝධතා මධ්‍යයේ වුවත් එරට මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළේ ඡුන්ද පොළවලින් සියයට 98 ක කටයුතු කිසිදු බාධාවකින් තොරව සිදු වූ බවය.
ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ පාලනය අවසන් කිරීමෙන් පසු පාලන බලය අතට ගත් කැරැලිකාර පාර්ශ්වයේ දේශපාලන හඬ වන ලිබියානු ජාතික අන්තර්වාර පාලක මණ්ඩලයේ මැදිහත් වීමෙන් මැතිවරණ පැවැත්විණි.
මැතිවරණ කටයුතුවලට බාධා කළේත් මැතිවරණය වර්ජනය කරන ලෙසට ලිබියා වැසියන්ට බලපෑම් කළේත් එම පාලක මණ්ඩලයට විරෝධය දක්වන කැරැලිකාර කණ්ඩායම්ය.
කෙසේ නමුත් ලිබියා වැසියන් විශාල උනන්දුවකින් උදෑසන සිටම ඡුන්ද පොළවල සිටිනු දකින්න ලැබුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය. මැතිරණ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී බෙන්ගාසි නුවර එක් ඡන්ද පොළකට කඩා වැදුණු සන්නන්ධ පිරිසක් එහි පැමිණි සිටි පිරිසට වෙඩි තැබූ බව ද වාර්තා වේ.
ලිබියාවේ වසර 60 කට ආසන්න කාලයක් පුරාවට පැවැතියේ කර්නල් මුවම්මාර් ගඩාෆිගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයෙන් තොර ඒකාධිපතිවාදී පාලන ක‍්‍රමයකි.
බටහිර රටවල් විසින් හඳුන්වනු ලබන ‘අරාබි වසන්තය’ නමැති විරෝධතා රැල්ල ලිබියාවට පැතිර ගියේ ඉකුත් වසරේ අපේ‍්‍රල් මාසයේදීය. එය අවසන් වූයේ කැරැලිකරුවන් අතින් ගඩාෆි අමු අමුවේ ඝාතනය වීමෙන් පසුවය.
ඉන්පසු ලිබියානු ජාතික පාලක මණ්ඩලය අන්තර්වාර රජයක් පිහිටුවා නව ජනපතිවරයකු ද තෝරා ගත්තේය. කෙසේ නමුත් රටේ පාලන කටයුතු මෙහෙය වූයේ ලිබියානු ජාතික පාලක මණ්ඩලයේ ප‍්‍රධානී මුස්තාෆා අබ්දෙල් ජලීල්ගේ ප‍්‍රධානත්වයෙනි.
පෙරේදා පැවැති මැතිවරණයෙන් මන්තී‍්‍රවරුන් 200 දෙනකුගෙන් යුත් මන්ත‍්‍රණ සභාවක් තෝරාගෙන අගමැතිවරයකු පත් කිරීමට නියමිතය. එමගින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැණෙන අතර 2013 වසරේදී පූර්ණ වශයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් වීමටත් ද කටයුතු යොදා තිබේ. ලියා පදිංචි ඡුන්ද දායකයන් විසි අට ලක්ෂයෙන් 16 ලක්ෂයක් ඡන්දය ප‍්‍රකාශ කළේ යැයි ද මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
විවිධාකාරයේ අදහස් දරන අපේක්ෂකයෝ 3.700 දෙනෙක් මැතිවරණයට ඉදිරිපත් වූහ. ප‍්‍රථම ඡන්ද ප‍්‍රතිඵලය අද (9) ප‍්‍රකාශයට පත් කිරීමට ද මැතිවරණ කොමිසම බලාපොරොත්තු වේ. ඊයේ සවස් වනවිට ලැබුණු නිල නොවන ඡුන්ද ප‍්‍රතිඵල අනුව ප‍්‍රධාන පෙළේ ඉස්ලාමීය පක්ෂ නියෝජනය කළ අපේක්ෂකයෝ ඉදිරියට පැමිණ සිටියහ.
2025 නොවැම්බර් මස 04
306
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2126
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1616
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසර 60 කට පසු ලිබියාවේ පාර්ලිමේන්තු මැතිවරණයක්