IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වසර දෙකකින් මැතිවරණයක් පවත්වනවා

වසර දෙකකින් එනම් 2023 දී බහු පාක්ෂික මැතිවරණයක් පැවැත්වීමට තමන් ප්‍රතිඥා දෙන බව, නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමින්, හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලාගත් හමුදා ජනරාල් මින් අවුන් හෙයින් පවසා තිබේ.

හමුදා ජනරාල්වරයා මෙසේ ප්‍රතිඥා දුන්නේ, මියන්මාර ජාතික රූපවාහිනියෙන් විශේෂ ප්‍රකාශයක් ඔස්සේය.

හමුදා ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවූයේ පසුගිය අප්‍රේල් පළමු වැනිදාය.

බලය අල්ලා ගැනීමෙන් පසු, මියන්මාර ප්‍රජාතාන්ත්‍රික නායිකා අවුන් සාන් සූ කී ඇතුළු ප්‍රජාතන්ත්‍ර දේශපාලන නායකයන් නිවාස අඩස්සියට පත් කෙරුණි.

ඔවුන්ට දේශද්‍රෝහී චෝදනා එල්ලවී ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පවා මේ වනවිට පැවැත්වෙයි.

හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, බටහිර රටවලින් දිගින් දිගටම මියන්මාර හමුදා ජනරාල්වරයාට විරෝධයක් එල්ල විය.

ප්‍රජාතන්ත්‍රවාදය කඩිනමින් ස්ථාපිත නොකරන්නේ නම්, සම්බාධක පමුණුවන බවට ද ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර බලවතුන් මියන්මාර හමුදා පාලකයන්ට තර්ජනය කළේය.

මේ වනවිට මියන්මාරයේ 'කොවිඩ් 19' වසංගතය ද ඉතා දරුණු තත්ත්වයකට පත් වී ඇති අතර, ප්‍රමාණවත් එන්නත් නොමැතිවීමෙන් එරට එන්නත්කරණය ද මුළුමනින්ම පාහේ අඩපණ වී ඇත.

වයිරස ව්‍යාප්තිය හේතුවෙන් අසීරුවට පත් වුණු මියන්මාර වැසියන් වෙනුවෙන් ආධාර කරන්නැයි හමුදාපතිවරයා ජාත්‍යන්තරයෙන් ඉල්ලා ඇති නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

(රොයිටර්)



අදහස් (0)

වසර දෙකකින් මැතිවරණයක් පවත්වනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site