පසුගිය වසරේ චීනයේ සිදුකළ කැණීම් කටයුතු වලදී හමුවූ සත්ත්ව මොළයක පොසිලයක හිමිකරු වසර ලක්ෂ 5200 කට ඉහත ප්‍රාග්කේම්බ්‍රිය අවධියේ පෘථීවිය මත ජීවත්වූ විලෝපිකයෙකු යැයි සොයාගැනීමට ඇමරිකා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.
මේ අනුව මෙම පොසිලකරණය වී ඇති මොළය දැනට පෘථීවියෙන් හමුව ඇති පැරණිම මොළය ලෙසද සැළකේ.
මොළයේ හිමිකරුවා වන්නේ ප්‍රාග් කේම්බ්‍රීය අවධියේ ජීවත්ව ඇති පණුවෙකි
අලූත සොයාගත් හෙයින් ‘ලයිරපැක්ස් උන්ගුයිස්පිනස්‘ යන විද්‍යාත්මක නාමය පණුවාට ලබාදීමට විද්‍යාඥ පිරිස කටයුතු කර ඇත.එය පරිවර්තනය කළහොත් එයින් කියැවෙනුයේ ‘ඌරු හණු ඇති වීණා හැඩැති විලෝපිකයා‘ යන්නය.
මෙම පණුවා වෙනත් කෘමීන් ගොදුරුකරගනිමින් ජීවත්ව ඇතැයි විද්‍යාඥයෝ කියති.
විද්‍යාඥයින් මවිතයට පත්කර ඇති තවත් කාරණයක් වන්නේ විලෝපික පණුවාගේ මොළයේ සැකැස්ම එම පණුවා ගොදුරුකරගන්නට යෙදුණු කෘමිීන් බහුතරයකගේ මොළයන්හි සැකැස්මට වඩා ඉතා සරල වීමයි.
මොළයන්ගේ ක්‍රියාකාරීත්වයේ සංකීර්ණභාවය ගොදුරු බවට පත්වීමේ හෝ නොවීමේ කාරණය මත බලපෑමක් ඇතිකර නොමැති බවක් පෙනෙන්නට ඇතැයි ඔවුහු පවසති.
මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණුවාගෙන් (ඊටත් වඩා කුඩාම ජීවියාගෙන්) ආරම්බ වී මනුස්සයා දක්වා පරිණාමය වී ආ සත්ව සන්නතිය තුල අද මනුෂ්ය සමාජය තුල සිටින අපට කල හැකි උතුම් දෙය වන්නේ, සතුනට කෙසේ වෙතත්, මිනිසුනට සාමයෙන්, සතුටෙන් ජීවත් විය හැකි, උත්තරීතර ලෝකයක් සඳහා තම හැකි පමණින් කැප වීමයි. එය කිරීමට නම්, අඩුම ගන්නේ, විද්යාවේ උන්නතිය සදහා පෙනී සිටින්න. මස් මාළු වෙනුවට එම පෝෂිත ගුණ සහිත පෙත්තක් අනාගතයේ, සොයා ගැනීමට පුළුවන් වීමට ඉඩ තිබේ.(නදී)
පණුවාගෙන් ඊටත් වඩා කුඩාම ජීවියාගෙන් ආරම්බ වී මනුස්සයා දක්වා පරිණාමය වී ආ සත්ව සන්නතිය තුල අද මනුශ්‍ය සමාජය තුල සිටින අපට කල හැකි උතුම් දෙය වන්නේ, සතුනට කෙසේ වෙතත්, මිනිසුනට සාමයෙන්, සතුටෙන් ජීවත් විය හැකි, උත්තරීතර ලෝකයක් සඳහා තමන් හැකි පමණින් කැප වීමයි. එය කිරීමට නම්, අඩුම ගන්නේ, විදයාවේ උන්නතිය සදහා පෙනී සිටින්න. මස් මාළු වෙනුවට එම පෝෂිත ගුණ සහිත පෙත්තක් අනාගතයේ, සොයා ගැනීමට පුළුවන් වීමට ඉඩ තිබේ.(නදී)
පණුවාගෙන් (ඊටත් වඩා කුඩාම ජීවියාගෙන්) ආරම්බ වී මනුස්සයා දක්වා පරිණාමය වී ආ සත්ව සන්නතිය තුල අද මනුෂ්ය සමාජය තුල සිටින අපට කල හැකි උතුම් දෙය වන්නේ, සතුනට කෙසේ වෙතත්, මිනිසුනට සාමයෙන්, සතුටෙන් ජීවත් විය හැකි, උත්තරීතර ලෝකයක් සඳහා තම හැකි පමණින් කැප වීමයි. එය කිරීමට නම්, අඩුම ගන්නේ, විද්යාවේ උන්නතිය සදහා පෙනී සිටින්න. මස් මාළු වෙනුවට එම පෝෂිත ගුණ සහිත පෙත්තක් අනාගතයේ, සොයා ගැනීමට පුළුවන් වීමට ඉඩ තිබේ. (නදී)
මෙම පණුවාගෙන් පැවත එන්නෝ අදටත් පෘථීවියේ වාසය කරයි. (නදී)