ගී‍්‍රක අගමැති ජෝර්ජ් පපන්ඩි‍්‍රයෝ කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ඉකුත් සිකුරාදා (4) එරට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර එයින් අගමැතිවරයාට ජය හිමිවිය.
විවාදය ආරම්භයට පෙර අගමැති පපන්ඩි‍්‍රයෝ මැතිසබය අමතමින් කියා සිටියේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙන් තමා පරාජයට පත් වුවහොත් වහා අගමැති ධුරයෙන් ඉවත්ව යන බවත් ජයග‍්‍රහණය කළහොත් ගී‍්‍රක ජනාධිපති සහ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් සමඟ සන්ධාන ගත වන බවය.
ඒ අනුව අගමැති පපන්ඩි‍්‍රයෝ පෙරේදා (5) ගී‍්‍රක ජනාධිපති කාලෝස් පපෝලියාස් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණි.
ගී‍්‍රසිය උග‍්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින යුරෝපා රටකි. අගමැතිවරයා සම්බන්ධයෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් විවාදයට ගැනීමට හේතු වූයේ ද එම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුමක් ලෙස යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහන පැකේජයට අගමැති පපැන්ඩි‍්‍රයෝ කැමැත්ත පළ කිරීම හේතුවෙනි.
මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ගී‍්‍රක රජයට යුරෝපා සංගමයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන පැකේජය ලබා ගැනීමට සිදුව ඇති අතර එසේ කිරීමෙන් ගී‍්‍රක ජනතා සහන බොහෝ වශයෙන් කප්පාදුවට ලක් වේ.
මීට විරෝධය පළ කරමින් ගී‍්‍රසියේ ප‍්‍රධාන නගර රැසක විරෝධතා පැවැත් වෙන අතර අගමැති පපන්ඩි‍්‍රයෝ වහා ධුරයෙන් ඉවත්ව යා යුතු යැයි විරෝධතාකරුවෝ බල කරති.
ගී‍්‍රසිය, යුරෝපා සංගමයේ මෙන්ම යූරෝ මුදල් කලාපයේද රටක් වන අතර ගී‍්‍රක ආර්ථිකයේ කඩා වැටීම මුළුමහත් යුරෝපයටම බලපෑමක් එල්ල කරයි.
එම නිසා යුරෝපයේ ප‍්‍රධානතම ආර්ථික බලවතුන් දෙදෙනා වන ජර්මනිය සහ ප‍්‍රංශය එක්වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කොට ගී‍්‍රසියට සහන පැකේජයක් ලබා දීමට තීරණය කළේය.
ප‍්‍රංශ ජනාධිපති නිකලස් සාර්කෝසි සහ ජර්මන් චාන්සල් ඇන්ජෙලා මාකෙල්, ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝට පවසා ඇත්තේ යුරෝපා සංගමය සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව ජනතා සහන කප්පාදු කර එම සහන පැකේජය ලබා ගන්නා ලෙසය.
එසේ නොකරන්නේ නම් යුරෝපා සංගමයේ යූරෝ මූල්‍ය කලාපයෙන් ගී‍්‍රසිය ඉවත් කර ගන්නැයි ද සාර්කෝසි සහ මාකෙල් ගී‍්‍රක අගමැතිවරයාට දැනුම්දී තිබේ.
2025 නොවැම්බර් මස 21
165
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
235
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විශ්වාසය පළ කිරීමේ යෝජනාවෙන් ගී‍්‍රක අගමැති පපන්ඩි‍්‍රයෝ ජයගනී