රජයට එරෙහිව විරෝධතා සංවිධානය කරන වෘත්තීය සංගම් නායකයන් සහ සරසවි සිසුන් හමුවී සාකච්ජා කිරීමටත් නව ප‍්‍රතිසංස්කරණ හඳුන්වාදී ඒවා කි‍්‍රයාත්මක කිරීමටත් තමන් සූදානම් බව බ‍්‍රසීල ජනපතිනී ඩිල්මා රූසෙෆ් පවසයි.
බ‍්‍රසීලයේ රාජ්‍ය විරෝධී රැල්ලක් ආරම්භ වී ඇත්තේ දූෂණ වංචා ඉහළ යෑම, මහජන සේවා අඩපණ වීම, පොලිසියේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වැඩිවීම ආදී චෝදනා රැසක් ජනපතිනී රූසෙෆ්ගේ රජයට එරෙහිව එල්ල වීමත් සමඟය.
ලබන වසරේදී එනම් 2014 දී බ‍්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට ලහිලහියේ සූදානම් වෙමින් සිටී.
රටේ ජනතාව ආර්ථික ආපහසුතාවලින් සහ විරැකියාවෙන් පීඩා විඳිමින් සිටිද්දී, රජය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් වැය කිරීම ද විරෝධතාකරුවන්ගේ දෝෂ දර්ශනයට හේතුවක් වී ඇත.
මේ වනවිට රියෝ දි ජිනැයිරෝ අගනුවර පමණක් නොව, සැල්වදෝර්, බාහියා ආදී බ‍්‍රසීලයේ ප‍්‍රධාන නගර 10 ක විරෝධතා පැවැත්වෙන අතර එම විරෝධතා මර්දනය කිරීමට කැරැුලි මර්දන පොලිසිය යොදවා ඇත.
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර පැවැති දරුණු ගැටුම්වලින් මේ වනවිට 200 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. පොලිස් අත්අඩංගුවට පත් වූ විරෝධතාකරුවන් ගණන 150 කට වැඩි යැයි එරට පුවත් සේවා පවසයි.
COMMENTS
මම හිතන්නේ බ‍්‍රසීල ජනපතිනී ඩිල්මා රූසෙෆ් මහත්මිය එතරම් පළපුරුදු නැති වයසෙන් අඩුකෙනෙක් වෙන්න ඇති මක් නිසාද යත් එනිසා වෙන්න ඇති නායකයන් සහ සරසවි සිසුන් හමුවී සාකච්ජා කිරීමටයන්න සුදානම. නැතිනම් කියාවී "මම මොනවටද ඔය පුංචි එවුන් සමග සාකච්ජා කරන්නේ මට මොනතරම් පළපුරුද්දක් තියනවද මට එන්න බැහැ ඕනනම් මගේ ගෙදර කෙනෙක් එවන්නම් කියා" නේද ?(නදී)
ඉස්සරලා ඇමරිකාවට බනින්න ඊළගට මොකක් හරි ඉදිකිරීමක් පෙන්නලා ඒවායේ සංවර්දන ගැන විස්තරයක් කරන්න. එම ඉදිකිරීම් වලින් වමට ගැහැවේ නෑම කියල අගවන්න. වෙන රටවලත් මිනිස්සු විදින්නේ දුකම කියල අගවන්න. විරෝදතා කිරීම ඇමරිකාවට නඩේයාමක් ලෙසම හුවා දක්වන්න.(නදී)
අරාබි වසන්තය වටේම යනවා වගේ .(නදී)
බ්රසීල ජනාධිපතිතුමිය මේ වගේ තීන්දුවක් ගත්තු එක හොදයි (නි)
ඔබේ රටෙත් ඉන්නේ සංස්කෘතික පුරාජේරු වලින්, ඉතිහාසය ගැන මානෙන්, රට ගැන හදවතින් හිතන, මාන්නෙන් සහ ඉච්ඡා බංගත්වෙන් පිරුණු ආගම්වාදී රටවැසියෝද? එහෙම නම් වැඩේ ලේසියි.කරන්න තියෙන්නේ එයාලා කැමති මාතෘකාවක් ගැන ඇමරිකාවට බනින ගමන් ඔද වඩවන එක. (නි)
අපේ රටට අරාබි වසන්තයක් කවදා එවිදෝ.(නදී)
කහින කට්ටියක් ලෑස්ති කරගන්න බැරිවෙලා වගේ. (අ)
විරෝදතා කරුවෝ හමු උනහම කියන්න ඕනා ටොම් පච, අන්දන්ට ඕන විදිය අපේ අය හමුවෙලා අහගන්ට.(නදී)