ලෝකයේ ජීවත්ව සිටි වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුලත්ව සිටි ජපානයේ යසුටාරෝ කොයිඩෙ නගොයා නගරයේදී අද (19) මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 112 කි.
පසුගිය වර්ෂයේ අගෝස්තුවේදී ලෝකයේ වයස්ගතම පුද්ගලයා ලෙස නිල වශයෙන් ගිනස් වාර්තා පොතට එක්වී ඇති යසුටාරෝ උපත ලබා ඇත්තේ 1903 මාර්තු 13 වැනිදාය.
ගිනස් වාර්තා පොතේ නම සදහන් වෙද්දී තමුන් වැඩිම කලක් ජීවත්වීමේ රහස ලෙස ඔහු දක්වා ඇත්තේ දුම්පානයෙන් තොරවීම,මත්පැන් පානයෙන් තොරවිම සහ අනාචාරයෙන් තොරවීම මෙන්ම සතුටින් ජිවිතය ගෙවීම බවයි.
හෘදය අකර්මන්‍ය වීමෙන් සහ නියුමෝනියා තත්වයෙන් යසුටාරෝ මරණයට පත්ව ඇති බව වාර්තාවේ.
යසුටාරෝ ගේ අභාවයෙන් පසු දැනට ලෝකයේ සිටින වයස්ගතම පුද්ගලයා කව්රුන්ද යන්න මෙතෙක් පැහැදිලි නැත.
ගිනස් වාර්තා පොතට අනුව ලෝකයේ මෙතෙක් වැඩිම කාලයක් ජීවත්වූ පුද්ගලයාලෙස වාර්තා වන්නේ ප්‍රංශයේ ජිනී කාල්මන්ට් වන අතර ඇය අවුරුදු 122 යි දින 164 ක් ආයු විඳ 1997 අගෝස්තු වේදි මිය ගියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක පුවතක් (නි)
මගේ සටහනේ විරංජක කුඩු ලෙස මම අදහස්කළේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අඩංගු විරංජක කුඩු වර්ගයයි. (නි)
මරණය කල්දැමීම හෙවත් දිගුකලක් ජීවත්වීමේ රහස " ඔක්ෂිජන් "ය. ඒ කියන්නේ " ඕ 2 '' ලෙස හඳුන්වන, ඔක්ෂිජන් "අනුව " හෙවත් ඔක්ෂිජන් වායුවයි.නමුත් මම කියන්නේ " ඕ " කියන ඔක්ෂිජන් පරමාණුව ගැනයි.මේ " ඕ " පරමාණුව හරිම විනාශකාරී එකක්. ඔබ හොඳින්ම දන්නා බ්ලිචින් පවුඩර් වල ක්‍රියාකාරී සංඝටකය මේ "ඕ "යි. විරංජන කුඩු ටිකක් ඔබේ ඇඳුමකට වැටුනොත් එහි පැහැය විනාශවෙන හැටි මතකද..අන්න ඒවගේම දෙයක් අපේ සිරුරෙහි ඇති සෛල වලත් සිදුවෙනවා. " ඕ " සිරුරෙහි සෛල විනාශ කරනබව දැන් සොයාගෙන තියෙනවා.මේ විනාශය අපේ ආයුෂ කෙරෙහි බලපානවාද , ඒ කෙසේද, එසේනම් එය නැවැත්විය හැක්කේ කෙසේද, යන්න සොයා ගැනීමටයි දැන් ලෝකයේ ජිව විද්‍යාඥයෝ වෙහෙසෙන්නේ. (බ)
අපේ නැන්දම්මාට දැන් අවුරුදු 300කට වැඩියි. (බ)
ඔබටත් මටත් මේ ජීවිතයේදී නැවැත්වීමට නොහැකි එක දෙයක් තමයි මේ " වයසට යන එක "කියන්නේ.දත්ත වාර්තා අනුව ලෝකයේ " ජීවත්වීමේ අනුපාතය " දැන් ක්‍රම ක්‍රමමයෙන් ඉහලට නැගෙමින් තිබෙනවා.අපේ රටෙත් දැනට සියවස් භාගයකට කලින් වයස අවුරුදු 65 ක් වැනි කාලයකදී බොහෝ දෙනෙක් සිය මෙලොව දිවිය අවසන් කලත්, දැන් නම් අවුරුදු 80 කට අසන්න කාලයකට ඒ අවස්ථාව දික්වෙලා ඇතිබව ඔබටම පෙනේවි. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම, නවීන පර්යේෂණයන්ගෙන් බිහිවූ බෙහෙත් වර්ග,ඒ මෙන්ම රෝග කල්තියා හඳුනා ගැනීම හා රෝගයන්ට එරෙහි ප්‍රතිදේහ මිනිස් සිරුරෙහි ඇතිකිරීමට හැකි " ඇන්ටිබයෝටික්ස් " වර්ග විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම සහ රෝගයන් පිළිබඳව ලෝ වැසි ජනතාව විශාල වශයෙන් " දැනුවත්කිරීම " නිසා මේ " ධන " ප්‍රවණතාවය ඇති වු බව කවුරුත් දනිති.මරණය කල්දැමීම හෙවත් දිගුකලක් ජීවත්වීමේ රහස සොයා යන විද්‍යා ඥයන්ගේ අලුත්ම " මානය "නම් අපි කවුරුත් හොඳින්ම දන්නා " ඔක්ෂිජන් "ය. ඔක්ෂිජන් වායුව නොමැතිව අපට ජිවත්විය නොහැකි බව ඔබ හොඳින්ම දන්නවා .ඒ කියන්නේ " ඕ 2 '' ලෙස හඳුන්වන, ඔක්ෂිජන් "අනුව " හෙවත් ඔක්ෂිජන් වායුවයි.නමුත් මම කියන්නේ " ඕ " කියන ඔක්ෂිජන් පරමාණුව ගැනයි. " ඔ "පරමාණු 2 ක් එක්වී හැදෙන ඕ 2 අනුවට තමයි අපි ඔක්ෂිජන් වායුව කියන්නේ.මේ " ඕ " පරමාණුව හරිම විනාශකාරී එකක් කියා කිවොත් ඔබ මොහොතකට වත් විශ්වාස කරන එකක් නැහැ.එත් ඇත්ත එයයි. ඔබ හොඳින්ම දන්නා, තුවාල පිරිසිදු කිරීමට ගන්නා " හයිඩ්රජන් පෙරොක්සයිඩ් " තුවාලයකට දැමුවිට ...කිරි පැහැති පෙන නංවමින් විෂ බිජ විනාශ කරන අයුරු මතකද..? මේ හයිඩ්රජන් පෙරොක්සයිඩ් වලත් " ක්රියාකාරී සංඝටකය " මම කලින් කිවූ " ඔ " පරමානුවයි..අන්න ඒවගේම දෙයක් අපේ සිරුරෙහි ඇති සයිල වලත් සිදුවෙනවා. සිරුරේ ඇති සයිල වල සිදුවන දහසක් වූ ජිව රසායනික ප්‍රතික්රියා නිසා නිපදවෙන " ජයාමාන ඔක්ෂිජන් " නොහොත් " ඕ " සිරුරෙහි සයිල විනාශ කරන බව දැන් සොයාගෙන තියෙනවා. මේ විනාශය අපේ ආයුෂ කෙරෙහි බලපානවාද , ඒ කෙසේද, එසේනම් එය නැවැත්විය හැක්කේ කෙසේද, යන්න සොයා ගැනීමටයි දැන් ලෝකයේ ජිව විද්‍යාඥයන් වෙහෙසෙන්නේ. මේ ප්‍රයත්නය සාර්ථක වුනොත් ඔබටත් මටත් තව අවුරුදු 100ක් 150ක් විතර " ලංකාදීප " ඔන්ලයින් බලන එක ඉතාම සාමානය දෙයක් වේවි.(අ)
ඔබටත් මටත් මේ ජීවිතයේදී නැවැත්වීමට නොහැකි එක දෙයක් තමයි මේ " වයසට යන එක "කියන්නේ.දත්ත වාර්තා අනුව ලෝකයේ " ජීවත්වීමේ අනුපාතය " දැන් ක්‍රම ක්‍රමයෙන් ඉහලට නැගෙමින් තිබෙනවා.අපේ රටෙත් දැනට සියවස් භාගයකට කලින් වයස අවුරුදු 65 ක් වැනි කාලයකදී බොහෝ දෙනෙක් සිය මෙලොව දිවිය අවසන් කලත්, දැන් නම් අවුරුදු 80 කට අසන්න කාලයකට ඒ අවස්ථාව දික්වෙලා ඇතිබව ඔබටම පෙනේවි. (බ)