ආර්ථික උද්ධමනය සහ වියදම් කපා හැරීමට රජය ගත් තීරණයට එරෙහිව ස්පාඤ්ඤයේ පමණක් නොව බි‍්‍රතාන්‍යයේ වැසියෝ ද ඊයේ (13) වීදි බැස විරෝධතා පැවැත්වූහ. ස්පාඤ්ඤයේ මැඞ්රිඞ් නුවර පුවර්ටා දෙල් සොල් චතුරස‍්‍රයට එක් රොක් වූ දහස් ගණනක් විරෝධතාකරුවෝ රජයට දොස් නඟන්නට වූහ. රටේ තරුණ තරුණියන්ගෙන් අඩකට වැඩි පිරිසකට රැකියා නොමැති බවත් රැකියා නොමැතිව සියයට 24 කට වැඩි පිරිසක් සිටින බවත් විරෝධතාකරුවෝ චෝදනා කරන්නට වූහ. මැඞ්රිඞ් නුවරට අමතරව ස්පාඤ්ඤයේ තවත් නගර 80ක විරෝධතා රැලි පැවැත්වුණු බව වාර්තා විය. බි‍්‍රතාන්‍යයේ විරෝධතා ආරම්භ වුණේ පසුගිය සතියේ සිටය. ඉකුත් බ‍්‍රහස්පතින්දා සේවක සහන කප්පාදු කිරීමට එරෙහිව ලන්ඩන් නුවර පොලිස් නිලධාරීහු ද විරෝධතා රැලියක් පැවැත් වූහ. ඊයේ දිනයේ බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර මහ බැංකු ගොඩනැගිල්ලට රැස්වූ විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලිසිය යෙදවිණි. එහිදී පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගත් 12 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. එම විරෝධතාවට 900 කට ආසන්න විරෝධතාකරුවෝ පිරිසක් සහභාගී වූහ. ඇමෙරිකාවේ පැවැත්වෙන ‘ඔකියුපයි වෝල්ස්ටී‍්‍රට් විරෝධතාකරුවන් සිහි ගන්වමින් ලන්ඩන් නුවර විරෝධතාකරුවන් තමන්ව හඳුන්වා ගත්තේ ‘ඔකියුපයි ලන්ඩන්’ යනුවෙනි.
2025 දෙසැම්බර් මස 04
491
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වියදම් කපා හැරීම්වලට එරෙහිව ස්පාඤ්ඤයේ සහ බි‍්‍රතාන්‍යයේ විරෝධතා