වියට්නාම් යුද සමයේදී තමන්වෙත ප‍්‍රතිකාර පතාගෙන පැමිණි සතුරු වියට්නාම සෙබළාගෙන් වෙන් කළ අතෙහි අස්ථි කොටස් වසර 47 කට පසු නැවත ඒවායේ හිමිකරුට භාරදුන් වෛද්‍යවරයෙකු ගැන වාර්තා වන්නේ ඇමරිකාවෙනි.
වෛද්‍ය සෑම් ඇක්සල්රැඩ් වියට්නාම යුද සමයේ සකී‍්‍රය සේවයේ යෙදී සිටි හමුදා වෛද්‍යවරයෙක් විය.යුධ බිමේ පිහිටි ඔහුගේ කුඩා රෝහලට රෝගීන්ගෙන් නම් අඩුවක් නොවීය.දිනක් රෝහලට ඇමරිකන් සොල්දාදුවන්ගේ කරපිටින් පැමිණියේ බරපතල තුවාළ ලබා සිටි වියට්නාම හමුදා භටයෙකි.ඔහුගේ වම් අත වෙඩි පහරකින් සුණුවිසුනු වී තිබුණි.අතකපා වෙන්කර මිසක් ඔහුගේ දිවිබේරා ගැනීමේ වෙනත් මාර්ගයක්
වෛද්‍ය සෑම්ට නොතිබුණි.එහෙයින් විනාශ වී ගිය අත මුලූමනින්ම කපා ඉවත් කළ ඔහු රෝගියාගේ දිවි බේරා ගැනීමට සමත් විය.
රෝගියා දැන් සිටින්නේ සුවය ලබමින්ය.එහෙත් වියට්නාමයේ රාජකාරි කාලය අවසන් කළ සෑම්ට දැන් සිය රට බලා යෑමට කාලය එළැඹ ඇත.වියට්නාමයේ ගතකළ කාලය අනුස්මරණය වීමටවත් දෙයක් ගෙන යා යුතුය.සෑම් ඒ වෙනුවෙන් තෝරා ගන්නේ වියට්නාම සෙබළාගෙන් වෙන්කෙරුණු අතේ අස්ථි කැබලි ටිකය.නමුත් ඇමරිකාවට ගිය විට එරට වැඩකටයුතුත් සමග කාර්යබහුල වන සෑම්ට වියට්නාමයත් එහි ගතකළ කාලයත් අමතකව යන්නේය.
ඇමරිකාවට පැමිණ අවුරුදු ගණනක් ගතවූ තැන සෑම් සිය ගබඩා කාමරය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවක ඔහුට මේ අස්ථි කැබලි ටික යළි හමුවන්නේය.
‘‘හරිම පුදුම දෙයක්.වියට්නාමය මම සම්පූර්ණයෙන්ම අමතක කරලයි තිබුණේ.නමුත් මේ අස්ථි ටික දැක්කම මම එහි ගතකළ කාලය යළි මතක් වුනා.කාටහරි හිතෙන්න පුලූවන් සතුරෙකුගේ ඇට කැබලි සමරුවක් විදිහට තියන් ඉන්න එන සදාචාරාත්මක නොවේ යැයි කියලා.නමුත් මේවා මට සමරුවකටත් වැඩියෙන් වැදගත් වුනේ යුද්ධයේ බිහිසුණු බව කියා පාන නිසයි.ඒකයි මම ඒවා ගෙන ආවේ‘‘ සෑම් පවසන්නේය.
සියල්ල ඔහුගේ මතකයට ගලා එන්නට ගතවූයේ නිමේශයකි.ඒ හා සමගම ඔහු තීරණය කරන්නේ මේ අස්ථි කැබලි ටික ඒවායේ සැබෑ හිමිකරුවාටම යළි භාරදීමටයි.ඒ අරමුණින් වියට්නාමයට අවුරුදු 47 කට පසු යළිත් එන ඔහු එරට මාධ්‍යවේදියෙකුගේද සහය ඇතිව අස්ථි කැබලි වල සැබෑ හිමිකරුවා සොයාගැනීමට සමත් වන්නේය.
න්ගුයෙන් කුවාන්ග් එම අස්ථි කැබලි වල හිමිකරුවාය.තමාට ශල්‍යකර්මය කෙරූ වෛද්‍යවරයා ඔහුට හොදින් මතක තිබිණි.
ප‍්‍රතිකාර ලබා සුවපත් වූ පසු ඔහු ඇමරිකන් භටයන් යටතේ එම රෝහලේම වැඩකර ඇත.යුද්ධය අවසන් වූ පසු රජයේ රැකියාවකට සම්බන්ධවී ඇති ඔහු එයිනුදු විශ‍්‍රාම ගෙන දැන් සිය ගොවිපොල බලාකියාගෙන නිවසට වී සිටින්නේය.
‘‘වෛද්‍යවරයෙක් තමන්ගේ රෝගින්ගේ සිහිවටන තියාගත් මේ වගේ අවස්ථාවක් මම දැක්කමයි.ඒත් එක්තරා ආකාරයක සතුටක් දැනෙනවා ආයෙත් මගේ ‘‘අත‘‘ දැකීමට හැකි වීම ගැන‘‘ යැයි පවසන්නේ න්ගුයෙන්ය.
න්ගුයෙන්ග් දැන් හැත්තෑ දෙහැවිරිදි වියේ පසුවේ.වෛද්‍ය සෑම් ඇක්සල්රැඞ් දැන් හැත්තෑ හතර හැවිරිදිය.
COMMENTS
දිලිප් ඕව කියන්න එපා.... ඊනියා ජාතික වාදී නඩේට ප්‍රේසර් එක වැඩි වෙයි.(නදී)
සුද්දෝ අපට වැඩ දියුණුයි තමා නමුත් උන් දියුණු උනේ අනුන්ගේ දේවල් කොල්ලකාලා රැස් කරගත්තු සම්පත් වලින්. උන් දැන් අපට සමාජ සාධාරණය උගන්වන්න හදනවා ..චන්ද්‍රා සහ සදරුවන් කියන කතාව ඇත්ත ..උන් නය දෙන්නේ අපට ආදරේට නොවේ පොලිය ලබාගැනීමට .(අ)
ණයට බලෙන් දෙන්නේ නැහැනේ.අපි කතිරේ ගසා නැවත නැවත පත් කරන අය අපට ණයට කවනවා.අපි කතිරේ ගසනවා කියන්නේ ණයට කෑම අනුමත කරනවා කියන එක තමා. අනික සුද්දා ගියාට පස්සේ ඕනෑ නම් අපටත් සිංගල්පුරුව,ජපානේ,කොරියාව, මැලේසියාව වගේ දියුණු වෙන්න තිබුනා. (නි)
රුසියාව පස්සේ ගිය හැම රටක්ම නන්නත්තාර වුනා. ඇමරිකාව පස්සේ ගිය ජපානේ,කොරියාව,සිංගප්පුරුව මැලේසියාව දැන් අපට රස්සා දෙනවා. අපි තාමත් සුද්දට බැණ බැණ ඉන්නවා. ඇමරිකාවට බනින ගමන් එහාට කඩේ ගිහින් දියුණු වෙච්ච කොරියාවේ වැඩට බඩ ගානවා.මොකද්ද මේ මානසික රෝගේ? (නි)
සදරුවන් මහතා කියන ලෙස අප ණයට නොකමු.එහෙත් අපට ණයට කවන පාලකයන්ට හැමදාම කතිරේ ගසමු.ඒ හරහා ණයට කෑම අනුමත කරමු. (නි)
චන්ද්‍රා, ලෝකෙන් ණයට කකා ලෝකෙට බනින්න එපා. කන්න දෙන අත හපා කන එක උතුම් රටේ සිරිතක් නොවේ. මම එහෙම කිවුවේ ලංකාවට කන්න දෙන්නේ ලෝකේ අනික් රටවල් නිසා. (දී)
ලංකාව ලෝකෙන් ණයට කන්නේ නැහැ කියන්නේ කොහොමද? දැනට ඉපදෙන දරුවොත් ලක්ෂ 3 ණයක් එක්ක ඉපදෙද්දී.අනික තමා මුලිකම කන බොන දෙයක් හැර අපි නිපදවන කිසි දෙයක් කාටවත් නම් කරන්න පුලුවන්ද.කොටින්ම කිවොත් ටින් මාළුත් අපට කවන්නේ ලෝකේ අනික් රටවල්. (නි)
යුද්ධ ඇති කළෙත් ඇමෙරිකානුවෝ. වෙඩි තියලා අත කැඩුවෙත් ඇමෙරිකානුවෝ. අත කපලා බෙහෙත් කළෙත් ඇමෙරිකානුවෝ. සිහිවටනයක් විදියට අතේ ඇට කැබලි ගෙනිච්චේත් ඇමෙරිකානුවෝ. ඒවා අයිතිකරුට ආපහු ගෙනත් දීලා මම තමා ලොක්කා කියනවද?මේවා දකින කොඳු ඇට සිඳගත් පර ගැති කලුවන් ජාතීන්ට මැජික් වගේද? (දී)
මෙයාලා දන්නවද තාමත් එයාලා එදා හෙලා ගිය නොපිපිරුනු බෝම්බ පුපුරා දිනකට අත් පා ජිවිත අහිමි කර ගන්නා ප්‍රමාණය ඒ රටේ ? (දී)
සුද්දෝ අපිට වැඩ දියුනුයි. නමුත් අපි ඒක පිළිගන්න කැමතිම නැහැනේ (නි)
එදා මනා යුධ පුහුණුවක් ඇති ,ඇමෙරිකන් හමුදාව වියට්නාමයේ රට වෙනුවෙන් පෙරට ආ ගොවීන්ගේ ගරිල්ලා සටන් ක්‍රම ඔස්සේ පසු බැස්සා. ඇමෙරිකන් හමුදාව ආපසු රටට ගියා. දෙපාර්ශයේම ජීවිත විනාශ වුනා.නමුත් මේ කතාව ඉතාමත් සංවේදජනකයි.සතුරාට ප්‍රතිකාර නොකර උන්ඩෙන් මරා දමන්න තිබුනා. එදා සහ අද ඡායාරුප සිහිවටන මිස කුරිරු යුද්ධය ගැන සිතා ආපස්සට යාමක් ගැන සිතීම අසාධාරණයක් (දී)
මෙවැනි පුවත් වලට කම්පිතව අපරදිගට ආවඩන පෙරදිග සැබැ ප්‍රෞඩත්වය නොහදුන අක්මුල් සිදගත් පිලලයන් නලියනු දකිනට ලැබීම ජාතියේ අවාසනාවම මිස නැත අනිකක් විදින්නට(නදී)
ඇමෙරිකාවේ වැඩ තවම ඉවර නැත. ලෝකයේ හැම තැනටම පහරදෙන එක අදත් කෙරෙනවනේ? (නි)
නිවට බෙලහීන පරගැතියනි අපි නයට කන්නේ නෑ.(අ)