ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්ටෝනියා ස්කේලියා ගේ මරණයෙන් හිස්වූ පුරප්පාඩුව පිරවීමට ඇමෙරිකාවේ උණුසුම් වාතාවරණයක් ඇතිවී ඇතැයි බීබීසිය වාර්තා කරයි.
ඇමෙරිකා ජනපති බරක් ඔබාමා කියා ඇත්තේ එය තම කැමත්ත මත තීරණය කරන බවයි.
තමාට සහ සෙනෙට් සභාවට එම තනතුර සාධාරණව පිරවීමේ වගකීම ඉටු කිරීමට ඕනෑ තරම් කාලය ඇති බව ද ඔබාමා ප්‍රකාශ කර තිබේ.
නමුත් රිපබ්ලිකන් අපේක්ෂකයින් පවසන්නේ ජනාධිපතිවරණයෙන් පසුව නව ජනපති එය තීරණය කළ යුතු බවයි.
විනිසුරු ස්කේලියා 1986 දී එවකට ජනපති ව සිටි රොනල්ඩ් රේගන් විසින් එම තනතුරට පත් කර තිබෙන බව සදහන්ය.
ඔහු ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රසිද්ධ මෙන්ම දක්ෂ පුදගලයෙකි. එමෙන්ම ඔහු ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූ පළමු ඉතාලි සම්භවයක් ඇති ඇමෙරිකා ජාතිකයා ය. ස්කේලියාගේ මරණයට පෙර කොන්සර්වෙටිව් බහුතරය තිබුණේ 5-4 ක් බවත් දැන් එය 4-4 ලෙස සම වී තිබෙන නිසා ඉදිරියේදී යම් යම් විශේෂ තීන්දු තීරණ ගැනීමේදී ප්‍රශ්නයක් වනු ඇති බවත් දේශපාලන විශ්ලේෂකයෝ කියති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.