වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ මහතාගේ 27 හැවිරිදි පුත්‍රයා සාමාජිකයන් 545 දෙනකුගෙන් සමන්විත එරට බලසම්පන්න ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබ ඇතැයි අද (2) වාර්තා විය.
ව්‍යවස්ථා වෙනසක් කරමින් ව්‍යවස්ථා මණ්ඩලය තම තනි අභිමතය මත සකස් කිරීමට වෙනිසියලු ජනාධිපතිවරයා කටයුතු කළ අතර ඒ සඳහා ජනමත විමසුමක් ද පැවැත්විණි. ව්‍යවස්ථා වෙනසට මැතිවරණයට එරට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
වෙනිසියුලා ජනාධිපතිවරයාගේ පුත්‍රයා නිකොලස් අර්නෙස්ටෝ මදුරෝ ගුවේරා නමින් හඳුන්වයි. ඔහු නිකොලාසිටෝ සහ ‘ලිට්ල් නිකොලස්’ යන නම්වලින් ද හඳුන්වයි. ඔහුගේ කුඩම්මා වන සිලියා ෆ්ලෝරස් මහත්මිය ද ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජිකාවකි. තෝරාපත් කරගන්නා ලද නව ව්‍යවස්ථා මණ්ඩලය වෙනිසියුලාවේ නව ව්‍යවස්ථාව අලුතින් ලිවීමට නියමිතය.
මෙතරම් අඩුවයසකින් වෙනිසියුලාවේ ව්‍යවස්ථා මණ්ඩලයට පත්වූ එකම සාමාජිකයා වන්නේ ද ජනාධිපතිගේ පුත් නිකොලස් අර්නෙස්ටෝ මදුරෝ ගුවේරා මහතාය.
(ඒ.එෆ්.පී-055)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd