ප්‍රධාන මුස්ලිම් රටක ජාතිකයන්ට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දුන් විධායක නියෝගය අභියෝගයට ලක් කරමින් විද්වතුන් පිරිසක් පෙත්සමක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ. ඇමෙරිකාවේ වෙසෙන එම විද්වතුන් ඉදිරිපත් කළ පෙත්සමට නොබෙල් ත්‍යාගලාභීන් 11 දෙනකු ද අත්සන් තබා ඇතැයි බී.බී.සී පුවත් සේවය වාර්තා කර කරයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබමින් ලෝ ප්‍රකට සමාජජාල වෙබ් අඩවියක් වන ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් මහතා තමාද සංක්‍රමණිකයන්ගෙන් පැවැත එන්නකු බව සඳහන් කර ඇත. ජනාධිපතිවරයාගේ විධාන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ද මාර්ක් සකර්බර්ග් මහතා තවදුරටත් පවසා ඇත.
ඇමෙරිකාවේ වෙසෙන මාධ්‍යවේදීන්, මුස්ලිම් සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම නියෝගවලට තම විරෝධය පළ කරද්දි රිපබ්ලිකන් පක්ෂයේ පිරිසක් මෙම නියෝගවලට සහයෝගය පළ කර ඇත.
මේ අතර ඇමෙරිකා ඉස්ලාම් සබඳතා කවුන්සිලය ජනාධිපතිවරයාගේ විධායක නියෝගයට අභියෝගයට ලක් කරමින් නඩු පවරන බව ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකය පුරාම අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ ක්‍රියකාරකම් පවතින කාලවකවානුවකදී මුස්ලිම් සංවිධාන ඇතුළු පිරිස් ඇමෙරිකා ජනාධිපතිවරයාගේ නියෝග වලට කරන අභියෝග ගණන් ගතයුතුද? (නි)
ධනුෂ්ක, අැමරිකාවෙ නියම උරුමක්කාරයෝ වන රතු ඉන්දියානුවෝ පමණක් ඇමරිකානුවෝ වෙලා සිටියා නම් ඇමරිකන්කාරයෝ හඳට යන්නේවත් අපට අන්තර්ජාලය ලබෙන්නේවත් නැත. ඒ සමඟම අන්තවාදීන්ගෙන් ලෝක දියුණුවට සිදුවූ සේවයක්ද නැත. ඔවුන් ලෝකෙට දුන්නේ කුරුස යුද්ධ සහ ත්‍රස්තවාදය පමණකි. එමනිසා තෝරාගත් අන්තවාදී කොටස් අැමරිකාවට පමණක් නොව ලංකාවටද ඇතුළුවීම තහනම් කළයුතුය (නි)
රේඛා, මුලින්ම ඔයා ඉතිහාසය ඉගෙනගන්න. විජයට කලින් මේ රටේ ජනතාවක් ජීවත්වුණා. ඔවුන් අදහන ලද මතවාද අනුව ඔවුන් යක්ෂ නාග ලෙස වර්ග කෙරුනා මිසක ඔවුන් වෙන සත්ව කොට්ටාශයක් නොවෙයි. (නි)
හැම රටකම විනාශයට හේතුවන්නේ, සාමකාමී ජනතාවගේ මානව හිමිකම් ගැන නොසිතා අපරාධකරුවන්ගේ, ත්‍රස්තවාදීන්ගේ මානව හිමිකම් ගැන සිතන සමාජවාදීන් බලපෑම්ය. නව ඇමෙරිකානු ජනපතිවරයාගේ මෙම නියෝගයට ජය ලැබේවා! (නි)
මෙයාට අමතක වෙලා මෙයාලත් සංක්‍රමණිකයො කියලා. අැමරිකාවෙ නියම උරුමක්කාරයෝ රතු ඉන්දියානුවෝ. එයාලා දැන් එහෙ කරුමක්කාරයෝ. දැන් අැමරිකානුවන්ගෙන් 90% ටත් වඩා සංක්‍රමණිකයෝ. (නි)
ඒ ඉතින් එහෙනේ. මෙහෙ ගැන මොනවට කියනවද? (නි)
අපි බලමු ඊළඟට මොකද වෙන්නෙ කියලා (නි)
ගුණසිරි, ලංකාවෙත් අවුරුදු 2500ක ඉහත ඉඳලා සංක්‍රමණය වෙච්ච පිරිසක් තමයි ඉන්නේ. දන්නේ නැත්නම්, ඉතිහාසය පොඩ්ඩක් විතර, 'හරි විදිහට‘ හොයලා බලන්න. විජය රජු ආවෙත් ඉන්දියාවෙන්. ඒ ආවෙත් තනියම නෙමෙයි.ඔවුන්ගෙනුයි ලංකාවේ ජනපැවැත්ම ඇතිවුණේ. (නි)
විජය රජු ආවෙත් ඉන්දියාවෙන්.රේඛා අපි විජය කියන පුද්ගලයාගෙන් පැවත එන ජාතියක් නොවෙයි ඔය මනස්ගාත ඔලුවෙන් ඉවත් කරන්න. විජය අාවේ ලංකාව කියන හිස් බිමකට නොවෙයි ඔහුට හමුවූ ස්ත්‍රිය කපුකටිමින් සිටිය කියල කියන්නේ. එ්කියන්නේ ලංකාවේ සිටිය මිනිස්සු රෙදි අඳින දියුණු මිනිස් කොට්ඨාසයක් ඒ වෙන කව්රුත් නොවෙයි මහා කළු සිංහලයෝ. සිංහලයටම ආවේනික බසක් වූ සිංහල විජය ලංකාවට ගෙනාවේ නැත. (බ)
ප්‍රියන්ත මට යමක් කමක් තේරෙනවා කියල ඔබ පිළිගත්තා එ්ක මට ලොකු දෙයක්. (බ)
අජිත් ට්‍රම්ප් මහතා හදන්නේ අඩු වශයෙන් මුස්ලිම් ත්‍රස්ත වාදීන් ගෙන් ඇමරිකාව බේරා ගැනීමටය. මුස්ලිම් ත්‍රස්ත වාදීන් ඉන්නේ සෞදි අරාබිය, කටාර්, කුවේට්, අබුදාබී, වගේ පොහොසත් අර්බිරටවල නොවේ. (බ)
අජිත් ඔබට වැරදිලා එල් ටී ටී ඊ ත්‍රස්ත වාදයේ පටන් ගැන්ම නිසා 1983 කළු ජුලිය ඇති වුණා. 1983 කළු ජුලිය පටන් ගැනීම ට හේතුව සොයා බලන්න. අපේ හමුදා බටයින් මරා දැමීම නේද? (බ)
බමුණු ආරච්චිට දැන් යමක් කමක් තේරෙනවා වගෙයි (නි)
ඡන්දය වෙලාවේ ක්‍රියත්මක කරන්න පුලුවන්ද බැරිද කියලා බලන්නෙ නැතුව මෙයා හිතට එන දේවල් කිව්වා. හොඳම උදාහරණය, අද නිව්යෝර්ක්වලට ගුවනින් මේ රටවල ඉඳලා ආ අය හරවල යවන්න හදනකොට, උසාවිය ඒ අයට රටට ඇතුලුවෙන්න දුන්නා. මොනවා වුණත් ඇමෙරිකාවෙ ව්‍යවස්තාවක් සහ හරියට ක්‍රියාත්මක වෙන නීතියක් තියෙන බව මෙයාට අමතක වුණා. (නි)
ට්‍රම්ප්ට මෙහෙඉන්න අය සමාන කරන්න එපා. ට්‍රම්ප් මැතිවරණයට තමාගේ සල්ලි වියදම් කළේ. ජනාධිපති හැටියට පඩියක් ගන්නේ නැහැ. දේශපාලනයට ආවේ ඇත්තටම සේවයක් කරන්න. අපේ රටේ අය එහෙමද? මෙතන විරුද්ධ අය ලොකු සමාගම්වල අයිතිකාරයෝ. තමන්ගේ රටේ රැකියා වෙන රටවලට දීලා අඩු පඩියට. දැන් ට්‍රම්ප්ගේ තහනම නිසා ඒ රටවලින් ඇවිල්ලා අඩු පඩියට රස්සා කරපු අයට එන්න බැහැ. මේ හැමදේකම දෙපැත්තක් තියනවා. (නි)
ජගත්, ට්‍රම්ප්ගේ නියෝග අබියෝගයට ලක්කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ජීවත්වන මිනිස්කම අඳුනන උගත් බුද්ධිමත් ජනතාව මිස මුස්ලිම් සංවිධාන නොවේ! ඔයාට පෙනුනේ නැද්ද ඔහුගේ මෙම තීරණයට විරුද්ධව නඩු මඟට ගිය අය අතර නොබෙල් ත්‍යාගලාබී 12 දෙනෙක් සහ මුහුණුපොත් නිර්මාතෘ පවා ඉන්න බව! (නි)
දනුෂ්ක මහත්තයෝ, ලංකාවෙත් නියම උරුමක්කාරයෝ ඉන්නේ දඹානේ (නි)
ට්‍රම්ප්ගේ ලේවලම මුස්ලිම්වරුන්ට විරුද්ධව තියෙන ද්වේශයයි, ඔහුගේ බලාධිපත්‍යයෙන් ක්‍රියාවට නංවන්න උත්සාහ කරන්නෙ. ඒ මානසිකත්වයෙන්ම සිටිනා උදවිය, මෙතනත් ඔවුන්ගේ අදහස් කීපයක් යොමුකර තියෙනවා. (බ)
ලංකාවේ ඉන්න සමහරුන්ටත් දැන් ට්‍රම්ප් බොහොම හොඳයිනේ (නි)
ලෝකයේ සියලු ශිෂ්ටාරවත් මිනිසුන් හා විද්වතුන් ට්‍රම්ප්ගේ මේ වැඩ වලට විරුද්ධත්වය ප්‍රකාශ කරද්දී අපේ සමහර පාඨකයන් ඔහුව හුවාදක්වන්නේ ළිං මැඩි මානසිකත්වය නිසාද? මෙතෙක් ඇමෙරිකාව නිව්යෝර්ක් ප්‍රහාරයෙන් පසු පහරදීමකට ගොදුරු වුණාද? ආරක්ෂාව සළසන්නේ නිදහස ඇහිරීමෙන් නොවේ. (නි)
ට්‍රම්ප්ගේ ලේවලම මුස්ලිම්වරුන්ට විරුද්ධව තියෙන ද්වේශයයි, එක ට්‍රම්ප් ළඟ විතරක් නොවෙයි මේ සිංහල අපෙත් තිබෙනවා . විශේෂයෙන් මගේ ළඟ තිබෙනවා. (බ)
සුනිල් මෙරටවල් 7 නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් නෙමෙයි, ඒවායින් බටහිරට සංක්‍රමණය වන අය ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන පුරවැසියන් වෙයිද නැතිනම් අන්තවාදය වපුරන්නන් වෙයිද කියල සැකයක් තියෙනවා... එ්කයි මෙතන ප්‍රශ්නය.. ට්‍රම්ප්ට සංක්‍රමණ නවත්වන්න වුවමනා නම් පටන්ගත යුත්තේ චීනයෙන් හා ඉන්දියාවෙන්..ඇමරිකාවට වැඩිම සංක්‍රමණිකයින් එන්නේ මේ රටවලින් (බ)
හරියට හරි බමුණු. 1983 කළු ජුලිය ඇතිකළ මිනිස්සු නිසා ත්‍රස්තවාදය ලැව්ගින්නක් වගේ පැතිරුණු හැටි මතකද? නමුත් එයට අවුරුදු 26 කට පස්සේ එවැනි උගුලකට තවත් වරක් අසු නොවී එවකට තිබු දරුණුම ත්‍රස්තවාදය පරදපු අපිට අපේ අත්දැකීම් අනිකුත් ජාතීන්ට ලබාදෙන්න කාලය ඇවිත්! මේ ට්‍රම්ප් වගේ අයගෙන් ලෝකය බේරගන්න අතරතුර දැන් මේ ඇතිවෙලා තියන අන්තවාදීන්ගේ ත්‍රස්තවාදයද පරදවන්න දායකවන්න! (නි)
බෙල්ල ගහලා ගියත් දුන් පොරොන්දු ඉටුකරන නායකයෙක්. ශ්‍රේෂ්ඨ නායකයෙක්.ගරු කළ යුතු නායකයෙක්. (අ)