වීදුරු කටු ඇතිරූ පලසක් මත පාද තබමින් කටින් රදවාගත් ලණුවක ආධාරයෙන් නව දෙනෙකු අසුන්ගෙන සිටි ටොන් 3 කට ආසන්න බරකින් යුතු වෑන් රියක් ඇදගෙන යන පුද්ගලයෙකු පසුගියදා චීනයේ ෂුස්හු නගරයේදී දැකගත හැකිවිය.
වීදුරු කටු පතුලේ ඇණුනද ඔහු ඒවා ගණනකට ගන්නා බවක් නොපෙණුනි. අඩි 13 ක් දිගුවට තිබූ පළස මතින් හෙතෙම වෑන් රිය ඇදගෙන ගියේ රැස්ව සිටියවුන්ගේ ප්‍රීති ඝෝෂා මැදය.
වික්‍රමය අවසානයේ අදහස් පළ කළ ඔහු මේ සදහා වසර 10 ක් තිස්සේ පුහුණු වූවේ යැයි පැවසීය.
ඔහු ගිනස් වාර්තාවක් පිහිටුවා ඇත්දැයි තවමත් පැහැදිලි නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටි පතුලට වැඩිම මැහුම් ගානක් දැමීමේ වාර්තාව ලැබේවි.(නදී)