ස්ටොක්හෝම්හිදීය (ඒ.එෆ්.පී)
මේ වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා පිරිනැමෙන නොබෙල් ත්‍යාගය දිනාගැනීමට ඇමෙරිකා සහ ජපාන මහාචාර්යවරු දෙදෙනෙක් අද (01) සමත්වූහ.
පිළිකා ප්‍රතිකාරවල කරන ලද විප්ලවීය වෙනස වෙනුවෙන් ඔවුහු දෙදෙනා එලෙස සම්මාන ලැබූහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ මහාචාර්ය ජේම්ස් පී. ඇලිසන් සහ ජපානයේ මහාචාරය ටසුකු හොන්ජෝ “සෘණාත්මක ප්‍රතිශක්තීකරණ නියාමනයේ සිදුවන නිෂේධනය සඳහා වන පිළිකා ප්‍රතිකාර (චිකිත්සාව)” වෙනුවෙන් මෙලෙස වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.
ඇලිසන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. හොන්ජෝ ජපානයේ කියොතෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්වරයෙකි.
මොවුහු දෙදෙනා 2014 වසරේදී ඔවුන්ගේ පර්යේෂණය සඳහා ‘ටැන්ග්’ සම්මානයෙන් ද පිදුම් ලැබූහ. ‘ටැන්ග්’ සම්මානය නොබෙල් ත්‍යාගයේ ආසියානු සංස්කරණය යනුවෙන් හැඳින්වේ.
නොබෙල් පදක්කමට අමතරව ස්වීඩන ක්‍රොනෝර් මිලියන නවයක මුදලක් පිරිනැමෙන අතර එය එක්සත් ජනපද ඩොලර් මිලියන 1.01කට සමානය. එම ත්‍යාග මුදල ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් විශේෂඥයන් වන මහාචාර්ය ඇලිසන් හා මහාචාර්ය හොන්ජෝ අතර සම සමව බෙදී යනු ඇත.
(055)


2025 දෙසැම්බර් මස 18
618
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
299
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍ය විද්‍යාවට පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකාවට-ජපානයට
Bamunuarachchi Tuesday, 02 October 2018 07:26 AM
හා හා නෝනා මහත් වරුනී ඔය ක්‍රෙඩිට් එකම යායුත්තෙත් ඇඩොල්ෆ් හිට්ලර්ට. හිට්ලර් යුද්දයක් නොකලානම් ඇමරිකානුවන් තවම හරක් බලනවා. මම වැරදිනම් කියන්න