බී බි සී පුවත් ඇසුරිණි

ලෝක මිහිතල දිනය සමරමින් ලොව පුරා විද්‍යාඥයින් විද්‍යාව සම්බන්ධව හා පාරිසරික ක්‍රියාවලීන් කෙරෙහි සිදුකරන දේශපාලන මැදිහත්වීම් වලට එරෙහිව විරෝධතා පැවැත්වූ බව වාර්තා වේ. ලොවපුරා විද්‍යාඥයින් මෙසේ විරෝධතාවයකට එක්වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට බව විචාරකයෝ පවසති.

ප්‍රධාන විරෝධතා රැළිය ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී හිදී පවත්වා ඇති අතර ඔස්ට්‍රියාවේ වියනා නුවර හා ලන්ඩන් නුවර ද විරෝධතා පවත්වා ඇත.

 මෙම විරෝධතා වල ප්‍රධාන අරමුණ වී ඇත්තේ විද්‍යාඥයින් සහ ඔවුන් සිදුකරන පර්යේෂණ ක්‍රියාවලීන් පොදු මහජනතාවට සමීප කරවීමයි. ඔවුන් බොහෝදෙනා ප්‍රදර්ශනය කළ පුවරු වල සඳහන් වූයේ දේශපාලකයින් විසින් විද්‍යාත්මක පර්යේෂණ හෙලා දකිමින් සිදුකරන ක්‍රියාවලියට එරෙහි වන බවයි.